දැවැන්ත හින්දු ආගමික උත්සව ඇතුළු ජනයා ඒකරාශී වන මහා සැණකෙළි හා දේශපාලන රැළි සමග ඉන්දියාව මේ දක්වා වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (16දා) වාර්තා කර තිබේ.
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත වලට අනුව, කොවිඩ්-19 හි නව ආසාදිතයන් 217,353ක් ඊයේ (16දා) වාර්තා විය.
එමෙන්ම අතිරේක මරණ 1,185ක්ද අමාත්‍යාංශය විසින් වාර්තා කර තිබේ. එමගින් රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 14.2කට වැඩි වන අතර, සමස්ත මරණ 174,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලොව විශාලතම වන්දනා චාරිකාව වන කුම්භ මේලා ආගමික උත්සවය සඳහා රට පුරා මිලියන ගණනක් හින්දු භක්තිකයන් උත්තරාකන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් නගරයට පැමිණ තිබුණේ කිසිදු ආකාරයක මහජන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරමිනි.
අප්‍රේල් මාසය පුරා පැවැත්වෙන මෙම උත්සවය අතරතුර, විශාල ජනකායක් එකට ආගමික වතාවත් කිරීම, උත්සවවලට සහභාගී වීමට සහ ගංගානම් ගගේ බැස පාරිශුද්ධ වීම ඇතුළු බොහෝ දේ සිදුකරන අතර, ඒ අනුව අප්‍රේල් 12 සිට 14 යන දිනවල අවම වශයෙන් මිලියන 4 ක ජනතාවක් ගංගාවේ ස්නානය කර ඇති බවද කියයි.
මෙම උත්සවය විශාල කොරෝනා අවදානමක් ඇති කරනු ඇති බවට වන සෞඛ්‍ය විශේෂඥයන්ගේ බිය සනාථ කරමින් හරිද්වාර් හි ආසාදිතයන් ඉහළ ගොස් තිබේ. මෙම උත්සවය අප්‍රේල් 1දා ආරම්භ වූදා සිට හරිද්වාර් හි ආසාදිතයන් 4,349ක් වාර්තා වී ඇති අතර, එය දෛනිකව ආසාදිතයන් 500 ත් 600 ත් අතර සංඛ්‍යාවක් බවද ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ඉහළ යන ආසාදනවලට ප්‍රතිචාර වශයෙන්, උත්තර්කන්ද් රජය බ්‍රහස්පතින්දා රට පුරා ඇඳිරි නීතිය සහ මහජන රැස්වීම් සඳහා නව සීමාවන් පැනවීය.
කුම්භ මේලා මෙම නවතම සීමාවන්ගෙන් නිදහස් කර ඇති නමුත් සියලු බැතිමතුන් ඔවුන්ගේ සෞඛ්‍ය තොරතුරු අන්තර්ජාලය හරහා ලියාපදිංචි කර සෘණාත්මක කොවිඩ්-19 පරීක්ෂාවක් ලබාදීම යන අවශ්‍යතා ඇතුළුව මාර්ගෝපදේශ ක්‍රියාත්මක වේ.
මෙම උත්සවයට සහභාගී වන ඇතැම් පාර්ශ්ව පවසන්නේ ආසාදිතයන් වැඩිපුර වාර්තා වූ ප්‍රාන්තවලින් උත්සවය සඳහා පැමිණි අය යළිත් ඒ ප්‍රදේශවලටම යවන ලෙසය.
කෙසේ වෙතත් මේ වනවිට ඉන්දියාවේ පවතින්නේ පාලනයෙන් ගිලිහී ගිය තත්ත්වයක් බව විදෙස් වාර්තා පෙන්වා දෙන අතර, බොහෝ ප්‍රාන්තවල රෝගීන්ට වෙන්ටිලේටර් පහසුකම් තබා ඇඳක්වත් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බවද කියැවෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලොවපුරා වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන්නේ වසංගතය තවමත් අවසන් නොමැති නිසා ඕනෑම රටක් කිසිදු ආකාරයකින් මුඛ ආවරණ, දෑත් සේදීම සහ සමාජ දුරස්ථතාව යන මහජන සෞඛ්‍ය පුරුදු කිසිදු ලෙසකින්වත් බැහැර නොකළ යුතු බවයි. එන්නත්කරණය මෙම වසංගතයට එරෙහි එක් මෙවලමක් පමණක් බැවින්, වසංගතය ජයගැනීමට එවැනි නිසි සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කළ රටවලින් ආදර්ශයක් ගැනීම රජයන්ගේ වගකීම බවද අවධාරණය කෙරෙයි.