කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 80,000 සිට 90,000 දක්වා ඉහළ යා හැකි බවට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් පුරෝකථනයක් ලබාදී තිබේ.
ෆොක්ස් නිවුස් හි ටවුන්හෝල් වැඩසටහනට එක්වෙමින් වෛරසය පැතිරීමේදී මේ දක්වා එක්සත් ජනපදය ගෙන ඇති ක්‍රියාමාර්ග හා ප්‍රතිචාර තමා විසින්ම පැසසුමට ලක්කළ ට්‍රම්ප්, "අසූදාහයක් හෝ අනූ දාහක් අහිමි වීම අප ලැබූ සාර්ථකත්වයක් යැයි ඔබ කියන්නේ නම්, එය අප සාර්ථක වීමට එක් හේතුවක්."
"මොකද, අප මේ කොවිඩ්-19 යානයේ ඉහළ කෙළවරේ නොසිටීමට එය හේතුවක්. ඒ වගේම යානයේ පහළ කෙළවරේ නොසිටීමටද එය හේතුවක්." ජනාධිපතිවරයා කොවිඩ්-19 වක්‍රය ගැන අදහස් දැක්වීය.
තමාගේ කලින් ඇස්තමේන්තු ගැන අදහස් දැක්වූ ට්‍රම්ප් මෑතකදී ඔහු සඳහන් කළ 100,000කට අඩුවෙන් මරණ තියාගැනීමට හැකිවේය යන අදහස ඉස්මතු නොකළේය.
ඒ වෙනුවට ඔහු තමා මිට පෙර සඳහන් කළ මරණ 60,000ක ඇස්තමේන්තුවද අමතක කරමින් කතා කළේ මේ වනවිටත් මරණ 67,500ක් ඉක්මවා සිදුව ඇති බැවිනි.
"ඔව්, මම 65,000ක් කියා කිව්වා. නමුත් දැන් මම කියන්නෙ 80 හෝ 90ක් (අසූ දාහක් හෝ අනූ දාහයක්) වේවි. මොකද එය ඉහළ යනවා. එය වේගයෙන් ඉහළ යනවා." ට්‍රම්ප් සඳහන් කළේය.
"නමුත් ඔබ කවර ආකාරයකින් ඒ දෙස බැලුවත්, යානයේ පහළම කෙළවරේ සිටින විටදී තමයි, අපි ලොක්ඩවුන් නීති ගෙනාවේ" ට්‍රම්ප් ඔහුට සුපුරුදු වාග් විලාශය යළිත් ඉස්මතු කළේය.
කෙසේ වෙතත් මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,158,000ක් ඉක්මවා ගොසිනි. මරණ 67,682කි.