ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්" යනුවෙන් අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී යසිරු කුරුවිටගේ නැමැත්තා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහැර තිබේ.
ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික.සී රාගල මහතා නියෝගය මතය.
ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ සඳහන් කළේ, පුද්ගලයෙකුට භාෂණයේ නිදහස තිබුණද ඊට ද සීමා පවතින බවය.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා ලෙස පෙනී සිටිමින් අදාළ තරුණයා එම පුවත පළ කර තිබුණි.
නඩුව නැවත ජුලි මස 01 වනදා කැඳවීමට ද නියම විය.