ළමයින් යොදා ගනිමින් සිදු කරනු ලබන අශ්ලීල ප්‍රකාශන සම්බන්ධයෙන් වූ විධිවිධාන තවදුරටත් පුළුල් කිරීම සඳහා අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් පිළියෙළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මෙම කෙටුම්පත පිළියෙළ කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීමට අදාළ යෝජනාව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
ළමයින් යොදා ගනිමින් සිදුකරනු ලබන අශ්ලීල ප්‍රකාශන තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් හරහා පළ කිරීම මෑත කාලයේ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට හඳුනාගෙන තිබේ.
රජය පෙන්වා දෙන්නේ එවැනි කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ විධිවිධාන දණ්ඩ නීති සංග්‍රහයේ සහ අශ්ලීල ප්‍රකාශන ආඥා පනතේ ඇතුළත් වන නමුත් වත්මන් තත්ත්වයන් සඳහා එම විධිවිධාන ප්‍රමාණවත් නොවන බව බවයි.
ඒ අනුව ඊට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඇතුළත් ලේඛනයක් මේ වනවිට පිළියෙළ කර ඇති බවත්, එම ලේඛනය මත පදනම්ව මෙම නව පනත් කෙටුම්පත පිළියෙළ කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා සිය යෝජනාව මඟින් අනුමැතිය ඉල්ලා තිබේ.