මෙරට වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා එළඹෙන 24 වනදා සිට ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එම එන්නත් ලබාදීම ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.