පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අවිස්සාවේල්ල පොලීසිය මගින් නිදන් හාරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (27) රාත්රීයේ දී අවිස්සාවේල්ල නගරයේ නිවසක් තුළ මොවුන් නිදන් හාරමින් සිට ඇත.
මෙහිදි කැණීම් සඳහා උපයෝගී කර ගත් උදළු කීපයක් යකඩයක් හා වතුර මෝටරයක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන්, කඩුවෙල, කොස්ගම, ගැටහැත්ත, අවිස්සාවේල්ල යන ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
සැකකරුවන් අද (28) දින අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.
ඔවුන් අද අවිස්සාවේල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.