කොග්ගල ප්‍රදේශයේ හෝටල් තුනක පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වල මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කෙරෝනා පොකුරේ ආශ්‍රිතයින් 800 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි බවත් ඉන් 204 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රථිකාර සදහා රෝහල් වෙත යොමුකිරිමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
කොරෝනා වෛරසය ආසදානය වු අය අතර වයස අවුරුදු දෙක හමාරක බිළිදෙකු ද සිටින බවත් නමුත් මෙ බිළිදගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවී ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
නිරෝධායනය වෙමින් සිටි පිරිස අතර හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු, මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 622 නෙකු හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 164 දෙනෙකු සිටි බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.