අවුරුදු 16ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික අපයෝජන කටයුතු වෙනුවෙන් අලෙවි කිරීමේ සිදුවීමට සම්බන්ධ අවුරුදු 26ක කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ගල්කිස්ස පොලීසිය මගින් කරනු ලැබූ විමර්ශනයකට අදාළව මීට ඉහතදී එම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කර තිබේ.
මෙම දැරිය මාස 4 කලක පමණ කාලයක් දිනපතා අලෙවි කර ඇති අතර ඇයව රූප මාධ්‍යයෙන් කරන ලිංගික කටයුතුවලට මෙන්ම භෞතිකවද ලිංගික කටයුතු වෙනුවෙන් යොදාගෙන තිබේ.
කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර පරීක්ෂණවලින් අනතුරුව සැකකාර 26 හැවැරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාව අදාළ දැරිවිය අපයෝජනය කිරීම වෙනුවෙන් විවිධ පුද්ගලයන් වෙත රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ශ්‍රී ලංකාවේ නීතිය අනුව අවුරුදු 16ට අඩු දැරිවියක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික කටයුතුවලට යොදා ගැනීම වරදක් බවත් ඊට සහාය දක්වන්නන්ද කුට්ඨනය කිරීමේ වරදට වරදකරුවන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.