බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් හල්වතුර දෙමළ විද්‍යාලය වසර ගණනාවක් තිස්සේ නායයාම් අවදානම ඇතිව පවත්වා ගෙන යන්නක් බව හෙළිදරව් වීමත් සමඟ කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන සේවා, පාසල් යටිතල පහසුකම් සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද 24 දින එම විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය
වර්ෂ 1991 දී ආරම්භ කරන ලද මෙම විද්‍යාලය මේ වන විට එක වසරේ සිට දහතුන් වන වසර දක්වා පන්ති පවත්වන සිසුන් 550ක් සහ ගුරුවරු 18 දෙනෙකුගෙන් යුත් කීර්තිමත් පාසලකි.
එමෙන්ම ,2017 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉතා උසස් ප්‍රතිඵල ගෙන එන ලද මෙම පාසල 2017 වර්ෂයේ දී නායයාමේ අවදානමකට ලක්වි විය .
එහිදී ශ්‍රී ලංකා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ භූ විද්‍යා නිලධාරීන් විසින් ,හැම පාසලකම ඉහළින් ඇති කඳු ප්‍රදේශය නායයෑම් අවදානම් තත්ත්වයක තිබෙන බවත් ,පාසල වෙනත් ස්ථානයකට ගෙන යාම කළ යුතු බවත් බව නිර්දේශ කරන ලදී.
එහෙත් මේ දක්වා එය සිදුවී නොමැති අතර, වර්ෂා දිනවලදී සිසුන්ට පාසල අසල නිවෙස්ව පොළොව මත වාඩි වී අකුරු කරන්නට සිදු වී ඇත.
මේ තත්ත්වය අනාවරණය වීමෙන් පසු එම ස්ථානයට පැමිණි පියල් නිශාන්ත අමාත්‍යවරයා අදාළ වගකිව යුතු අංශවල සියලු දෙනාම ලබන සතියේ දී කැඳවා වහාම වෙනත් ස්ථානයක පාසලක් ඉදිකිරීමට අවශ්‍ය තීරණ ගන්නා ලදී.
මේ අවස්ථාව සඳහා එම විද්‍යාලයේ විදුහල්පති එම් චන්ද්‍රමෝහන් මහතා සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා ද එක්වූහ.
ප්‍රේමතිලක පෙරමුණ