වයස අවුරුදු 55 ට අඩු අයට ඉතාලිය විසින් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත ලබාදීම සඳහා නිර්දේශ කර තිබේ. ඒ අනුව, පාසල් ගුරුවරුන්ට, හමුදාවට හා පොලීසියට, බන්ධනාගාර කාර්ය මණ්ඩලයට සහ රැඳවියන්ට එන්නත ලබාදීම ආරම්භ කරනු ඇත.
රටේ එන්නත් ප්‍රවර්ධන මාර්ගෝපදේශ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජය සහ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරුන් අතර බදාදා පැවති රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගත් බව ප්‍රාදේශීය කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය කාර්යාලය පවසයි.
කෙසේ වෙතත් වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ට, විශේෂයෙන් 80ට වැඩි සහ වඩාත් අවදානමට ලක් වූ අයට ෆයිසර් හෝ මොඩෙර්නා එන්නත ලබාගත හැකි බව එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.
එන්නත් ඉතාලියේ බෙදා හැරීමට පෙර ඉතාලි ඖෂධ ඒජන්සිය විසින් අනුමත කළ යුතුය. අඟහරුවාදා ඉතාලි ඖෂධ ඒජන්සිය වන අයිෆා පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ වැඩි දත්ත අවශ්‍ය බවයි. ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මෙසේ පැවසීය.
"වැඩිදුර අධ්‍යයනයන් සඳහා ඉතිරිව ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත අවුරුදු 18ත් 55ත් අතර සහ බරපතල රෝගාබාධවලින් තොර ජනගහනය සඳහා වඩාත් සුදුසු වෙනවා. 55ට වැඩි අය සඳහා එන්නත නිර්දේශ කිරීමට පෙර, ඒජන්සිය එම වයස් කාණ්ඩය සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ප්රතිලාභ /අවදානම් අනුපාතය පිළිබඳ වැඩිදුර සාක්ෂි බලාපොරොත්තුවෙන් සිටිනවා." යැයි පැවසීය.
මේ වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 90,000 ඉක්මවා ඇත.