අලි පලවා හරින්න 3,000කගේ බළකායක්
වනඅලි පලවා හැරීමට ඉදිරියේදී තුන්දහසකට ආසන්න සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් පිරිසක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වූ බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසීය.
වනජීවී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, නවගත්තේගම රඹකනයාගම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ වනජීවී අමාත්‍යවරයා,
“ඉදිරි අවුරුදු එකහමාර ඇතුළත මම සැලසුම් කර තිබෙනවා අලි-මිනිස් ගැටුම විසඳන්න. නමුත් මෙය තනිව මගේ අමාත්‍යාංශයට පමණක් විසඳන්න විදියක් නැහැ. ඒ නිසා ජනාධිපතිතුමාගේ පූර්ණ සහයෝගය ඇතිව තමයි මෙය විසඳිය හැක්කේ. වනජීවී දෙපාර්තමේන්තුව හරි පොහොසත්. එකේ සල්ලි තිබෙනවා රුපියල් බිලියන පහක්. ඒ කියන්නේ ලක්ෂ පනස්දහසක්. මේ මුදල් යොදවලා මට ඉදිරියේදී විශාල වැඩකොටසක් කරන්න පුළුවන්.
දැන් ඉන්නෙ විදුලි වැටේ කිලෝමීටර් 33ට සිවිල් ආරක්ෂක නිලධාරීන් 10 දෙනායි. ඉදිරියේදී මම විදුලි අලිවැටේ එක් කිලෝමීටරයකට එක් සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ගාණෙ දාන්න සූදානම් පහසුකම් දීලා. දැනට සිවිල් ආරක්ෂකයො 1,700ක්, ඉදිරියේදී තවත් 3,000ක් දෙන්න ජනාධිපතිතුමා පොරොන්දු වුණා“යැයි පවසා සිටියේය.

හිරාන් ප්‍රියංකර ජයසිංහ
popular news
-
සෙනෙවි Sunday, 01 July 2018 06:22 PM
වනජීවී ඇමතිකම ලැබිල තියෙන්නෙ වන සතුන්ගෙ හතුරෙකුට කියලයි හිතෙන්නෙ
Reply : 0 2
Champa Monday, 02 July 2018 01:22 AM
රුපියල් බිලියන් 5ක් වෙන් කරලා තියෙන්නේ වන ජීවීන් වෙනුවෙන්. වන ජීවීන්ව මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරගන්න. ඒ වුනාට ඔක්කොම සල්ලි ටික වියදම් කරන්නේ මිනිස්සු වෙනුවෙන්. මිනිස්සුව වනජීවින්ගෙන් ආරක්ෂා කරගන්න.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

