කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ අලව්ව වළකුඹුර ප්‍රදේශයේදී අද (22) අලුයම 5.00 ට පමණ වැලි පිරවූ ටිපර් රථයක් හා කුඩා මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව අලව්ව පොලීසිය පවසයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් කටයුතු බාර මෙරට ප්‍රධාන සමාගමක සේවය කරන පස්දෙනෙකු අනතුරෙන් මියගොස් ඇති බව කියයි. ඔවුන් කොළඹ ප්‍රදේශයේ පැවති අවමඟුල් ගෙදරකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී කුරුණෑගල දෙස සිට ධාවනය කළ ටිපර් රථයක ගැටීමෙන් අනතුරට ගොදුරුවී ඇත.