ළමයෙක් පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගත් ඇඹිලිපිටිය ප්රදේශයේ ප්රධාන පෙළේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2021 වසර සඳහා පළමු වසරට ළමයෙක් ඇතුළත් කිරීම සඳහා ඇය එම මුදල අද (02) උදෑසන ලබාගෙන ඇති අතර එම මුදල ලබා ගනිද්දී ඇයව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව එම විදුහල්පතිනිය අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේය.