වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයකුගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට පමුණුවනු ලැබු පොලිස් ක්ෂේත්ර බළකා මුලස්ථානයේ ප්රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන වසරේ ජනවාරී මස 02 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පරික්ෂණ සිදුකරන බව කියමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්රාත්වරිය සැකකරු මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කළාය.
වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයකුගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ පොලිස් ක්ෂේත්ර බළකා මුලස්ථානයේ ප්රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කළ රුවන් ජිවේන්ද්ර ඩයස් මහතාය.
සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වල ප්රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු මේ වනවිට වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් පරීක්ෂක විජිත් වීරසිංහ මහතා විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට කරනු ලැබු පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්හ.