පොළොන්නරුව නව නගරයේ පිහිටි ඉඩමකට බලපත්‍රයක් සකස් කර දෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් තිස්දහසක් අල්ලස් මුදලක් ලබා ගත් අනුරාධපුර පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ ඉඩම් නිලධාරියෙකු අද (1) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු ඉඩම් නිලධාරියා තමන්කඩුව ප්රාදේශ්ය ලේකම් කාරියාලයට අනුයුක්තව සේවය කරන්නෙක් බව පොලීසිය පවසයි.
පැමිණිලිකාර කාන්තාවගේ නිවසට පිවිසෙන මාර්ගයේ පිහටා ඇති ජල මිටිර් කණු කිහිපයක් ඉවත් කර දිමට හම කාන්තාවගේ ඉල්ලිම මත සැකකාර ඉඩම් නිලධාරියා කටයුතු සලසා දි තිබු බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
දින කිහිපයකට පසු කාන්තාව අමතා එම නිලධාරියා ඔවුන් පදිංචිව සිටින ඉඩමට බලපත්‍රයක් සකස් කර දිමට ගත් බවත් ඒ සඳහා රුපියල් ලක්ෂයකට මුදලක් අවශ්‍ය බව පවසා ඇතැයි පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.