අලියෝ කියන්නේ එසේ මෙසේ අය නොවන බවත් නැගිටින්න ටිකක් වෙලා ගියත් නැගිට්ටට පස්සේ කාටවත් හොල්ලන්න බැරි බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළකළේ, ඊයේ (22) මාලඹේ පැවති එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්රචාරක රැළියකට සහභාගි වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,
"මම අහනවා දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරපු කරුණා අම්මාන් අද කා එක්කද ඉන්නේ කියලා. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම එක්ක නොවෙයිද. පරපරාජසිංහම් මන්ත්‍රීව මැරුව පිල්ලෙයාන් ඉන්නේ කොහෙද. ඊලම් ප්‍රකාශ කරපු වර්ධරාජා පෙරුමාල් ඉන්නේ කොහෙද. මොවුන් ඉන්නේ අපිත් එක්කද. නෑ. ඔවුන් එක්ක නේද. කේ.පී. ඉන්නේ කොහෙද. විශ්වවිද්‍යාල සල්ලි ගෙනාව හිස්බුල්ලා ඉන්නේ කොහෙද. එහෙමනම් කොහෙමද මේ අපි ආවොත් ජාතික ආරක්ෂාව නැති වෙනවා කියන්නේ. මේ රට ගැන ඒ ගෝල්ලන්ට තිබෙන කැක්කුම අපිටත් තිබෙනවා.
දැන් තිබෙන ප්රශ්නය තමයි මේ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරනවාද, පවුල්වාදය ආරක්ෂා කරනවාද කියන එක. අපි කැමතියි පිරිසිදු දේශපාලනයක් ගෙනියන්න. නිකරුණේ බොරු ප්‍රචාර පතුරවන්න එපා. කියන්න තියෙන දේ මූණට කියන්න. එතකොට අපි නිසි පිළිතුරු ලබා දෙන්නම්. අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම එදා ප්රවෘත්ති සාකච්ඡාවකදි පිළිගත්තනේ යුද්ධය කළේ ඔවුන් නෙමෙයි කියලා. එහෙනම් ත්‍රස්තවාදය ජයග්‍රහණය කළේ සරත් ෆොන්සේකා කියලා ඒකෙන්ම ඔප්පු වෙනවානේ. හැමදේම බොරුවක් තුළින් දාලා, පටලවලා, ජනතාව මුලා කරලා තමයි ඔවුන් බලය ගන්න හදන්නේ.
2015ට කලින් මේ රටේ සංවර්ධනය තිබුණේ එක් තැනකට සීමා වෙලා. එක් අයෙකුගේ නමින්. අපි ඒ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කළා. අපට හැකි වුණා සංවර්ධනය සමස්ත දිවයිනටම ලබාදෙන්න. අපි වැඩ කළා මිසක් සද්ද කළේ නැහැ. අපට අවශ්‍ය වන්නේ රට යම් ඉලක්කයක් කරා ගමන් කරවන්න. ඒකියභාවයක් තුළින් බලය විමධ්‍යගත කරලා රට සංවර්ධනය කරන්න මෙහෙයවන්න තමයි අපට අවශ්‍ය වන්නේ. මීට පෙර නොවූ ආකාරයේ ජයග්‍රහණයක් අපි ලබාගත යුතුයි. අපි අපේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින්නේ තවත් එක් වතාවක් අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපට රට බේරන්න අවශ්‍යයි. ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න අවශ්‍යයි. තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙන්න අවශ්‍යයි. අලියෝ කියන්නේ එසේ මෙසේ අය නෙමෙයි. නැගිටින්න ටිකක් වෙලා යනවා. නමුත් නැගිට්ටට පස්සේ හොල්ලන්න බැරිවේවි කාටවත්.
මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 35ක් ඉදිරිපත් වෙලා සිටිනවා. මේ අතරින් දෙදෙනෙක් අතරේ තමයි සැබෑ තරඟයක් තිබෙන්නේ. තව දෙන්නෙක් මේ ඡන්ද ටික කඩන්න හදනවා. ඒ නිසා මේ ලක්ෂ 160 ක ඡන්ද ප්‍රමාණය තුළින් 58% ක් ගන්න මහන්සියෙන් වැඩ කරන්න ඕන . ගියවර අපි කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ ඡන්ද 175,000 කින්. මෙවර අපි ඡන්දය 250,000 කින් දින්න ඕන. අපි නිදහසින් පසු වසර 72 ක් මේ වන විට ගමන් කළා. මේ කාලසීමාව තුළ නොයෙක් ආණ්ඩු මේ රට පාලනය කළා. ඒ ඒ කාල වලදී රට ඉදිරියට ගෙනගියා වගේම රට ආපස්සටත් ඇඳලා තිබෙනවා. නමුත් ශීඝ්‍ර සංවර්ධනයක් ලබන්න තවමත් නොහැකි වෙලා තිබෙනවා. 2015 අපි ලබාගත් ජයග්‍රහණය තුළින් සිදුකල වැදගත්ම දේ තමයි මියයමින් තිබූ ප්රජාතන්ත්රවාදය නැවත ස්ථාපිත කිරිම.
අපට මතකයි රාජපක්ෂ පාලන සමය. වසර 11ක් තිස්සේ අහිංසක රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරනවා කිව්වා. වසරින් වසර 500ක් 1000ක් එකතු කළා මිසක් වෙන දෙයක් කළේ නැහැ. අපි 2015 බලයට පැමිණි විගසම කිව්වා රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීම ලබාදෙනවා කියලා. අපි බලයට පත්වෙලා දින 35කින්, රු. 10,000ක් ලබා දුන්නා. වසර 11කින් කරන්න බැරිවුණදේ අපි මාසෙකින් කළා. ඒ වගේම ඔවුන් පොලිස් නිලධාරීන්ටත් වැටුප් වැඩිකරනවා කිව්වාට කළේ නැහැ. නමුත් අපි පැමිණි විගස 40%කින් වැටුප් වැඩිකළා. මෙන්න මේ වගේ තමයි ත්‍රිවිධ හමුදාව. ඒ රණවිරුවන්ට දෙන්න තිබුන ප්රතිලාභ දුන්නේ නැහැ. ඒ ඔවුන්ට හිමිවෙන්න තිබුණ දේවල් සහ 40% ක වැටුප් වැඩිවීම ලබාදුන්නේ අපේ ආණ්ඩුවෙන් කියලා මම ඉතාමත් සතුටින් කියන්න කැමතියි.
අද වෙද්දි පාරිභෝගික භාණ්ඩ මිල සෑහෙන දුරකට අඩු වෙලා තිබෙනවා. මම කියන්නේ නැහැ ජීවන වියදම ලේසි වෙලා කියලා. නමුත් එදා එක්ක සංසන්දනය කරද්දි භාණ්ඩ මිල අඩුවෙලා තිබෙනවා. පෙට්‍රල්, ගෑස් මිල අඩුකලා. මෙන්න මේකයි වෙනස. වසර 5ක පෙරත් ඔවුන් කිව්වා ඉන්ධන මිල අඩු කරන්න බැහැ කියලා. ඒ වගේම තමයි ඩීසල්, භූමිතෙල් මේ ආකාරයෙන් අඩු කරලා තිබෙනවා. මේක දැකලා ගෝඨාභය රාජපක්ෂ කියනවා 50%කින් වැට් අඩු කරනවා කියලා. ඒ කියනනේ කෝටි 45ක්. අපි අහනවා කොහොමද එහෙම කරන්නේ කියලා. කියන දේ පිළිගන්න පුළුවන් විදියට කියන්න ඕන. රජයේ සේවයේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ ඔවුන් ගත් ණය ගෙව්වම කොහොමද තවත් කෝටි 45ක් අඩු කරන්නේ. කොහෙන්ද ඒවට මුදල් සොයන්නේ. දැන් ඔවුන් කරන්න බැරි දේවල් කියලා ජනතාවට සිහින ලෝකයක් මවන්න හදනවා. ඔවුන් කවදාවත් ආර්ථිකය ශක්තිමත් කළේ නැහැ. තිබුණ එකත් නැති කරපු එක විතරයි කළේ යනුවෙන් මෙහිදි ඔහු සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි