රාජාංගණය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාසය තුළ පිහිටි රාජාංගණය ජලාශයේ වාන් දොරටු අලුතින් සවිකිරීම අරඹනු ලදුයේ ඉකුත් 2017 වර්ෂයේදී ය. මේ වනවිට එම කටයුතු මුළුමනින්ම අවසන්ව ඇත.
රුපියල් මිලියන 425 ක වියදමින් වාන් දොරටු 30 ක් මෙසේ අළුතින් සවිකිරීමට පියවර ගෙන තිබේ. ලෝක බැංකු මුල්‍යාධාර මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත. වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය යටතේ වාන් දොරටු සවිකිරීම සිදුකරනු ලැබීය. මීට සමගාමීව පාලක මැදිරියක් ද වැව් බැම්මට යාබදව ඉදිකිරීමට පියවර ගෙන ඇත.
1960 දශකයේ මුල භාගයේ ස්ථාපිත කොට ඇති රාජාංගණය ජනපදයේ පිහිටි අක්කර අඩි 76,603 ක උපරිම ජල ධාරිතාවයක් දැරීමේ හැකියාව සහිත රාජාංගණය වැව යටතේ මෙවර මහ කන්නය අරඹයා වැඩි භුමි ප්‍රමාණයක වී වගා කොට ඇත. කෙසෙල් සහ එළවළු වගාව කෙරෙහි ද මෙහි වැඩි නැඹුරුවක් පවතී. ඇඳවැටුණු මහ වැසිත් සමග ජලාශය මේ වනවිට සම්පුර්ණයෙන්ම පිරී ඇති අතර, කිහිපවිටක්ම වාන් ද දැමීය.