සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර බෙලිඅත්ත දක්වා කොටසේ වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය අර්ජුන රණතුංග මහතා පැවසිය.
එම දුම්රිය මාර්ගයේ නිරික්ෂණ චාරිකාවකට අද (6දා) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.
“ආලෝක සංඥාවල ප්‍රමාදයක් පමණයි දැන් තියෙන්නේ. එය යථාතත්වයට පත් වූ වහාම දුම්රිය සේවාව ආරම්භ කරන්න පුළුවන්. දුම්රිය සැලසුම් සියල්ලක්ම අවසන් කර ගෙන යනවා. දෙවන අදියර හම්බන්තොට දක්වා මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණ ගන්නවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
මාතර මහේෂ් මලවරආරච්චි