වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි ජාවාරම්කරුවකු බව කියන අලි රොෂාන්, වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඇතුළු අට දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා, අග්‍ර විනිශ්චකාරවරයාගෙන් අද (25) ඉල්ලීමක් කොට ඇත.
රටේ වන අලි සම්පත විනාශයට ලක් කළ මෙම ජාවාරම හේතුවෙන් සාමාජීය වශයෙන් කැලඹිමක් සිදුවු හෙයින් මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම යෝග්‍ය බව සඳහන් කරමින් ඒ සඳහා අවසර දෙන්නැයි නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කොට ඇත.
අධිකරණ සංවිධාන පනත යටතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කොට ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට අමතරව වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්යක්ෂ (නීති) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි, වනජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය භාරව සිටි ලිපිකාරිනි එච්. පි‍්‍රයංකා සංජීවනී, සමරප්පුලි හේවගේ උචිත නිශාන් ධම්මික, කඩුපිටියගේ චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, පලිහපිටිය ගමගේ ජයලත්, රණසිංහලාගේ දමිත් චතුරංග යන වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් අට දෙනෙකුට එරෙහිව නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා මෙලෙස අග්‍ර විනිශ්චකාරවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම අපරාධයට අදාළව විත්තිකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ අධි චෝදනා 33ක් යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කොට ඇත.
මෙම සිද්ධියට අදාළවම මීට පෙර අවස්ථාවකදී නීතිපතිවරයා අලි රොෂාන් නමැත්තා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව චෝදනා 24ක් යටතේ ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා තිබු අතර එම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා විසින් විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීමට ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට මුලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය.
එම මුලික විරෝධතාවය පිළිගත් ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අලි රෝෂාන් ඇතුළු විත්තිකරුවන් හත්දෙනා නිදහස් කිරීමට නියම කෙරිණි.