සියඹලාණ්ඩුව පොලිස් බල ප්රදේශයට අයත් හෙලමුල්ල ප්රදේශයේ වනඅලින් පැනවිම සදහා ගිය වනජිවි නිලධාරියෙක් වනඅලි ප්රහාරයකට ලක් විමෙන් මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ අම්පාර පාර 09 කනුව වනජිවි කාර්යාලයට අනුයුක්තව රාජකාරි වනසත්ව නියාමක සහයකවරයෙක් වෙන අම්පාර වඩිනාගල පදිංචි ඩි එම් ධර්ම කුමාර නැමැති දෙදරු පියෙකි.
අද 17 දින කාර්යාලයට ලද තොරතුරකට අනුව 06 යුත් කණ්ඩායමක් මේ වනඅලියා පන්නා දැමිම සදහා මෙහෙයුමකට සහභාගි වි ඇති එහිදි මේ වනඅලි ප්රහාරයකට ලක් වි ඇත.
මියගිය අයගේ දේහය සියඹලාණ්ඩුව මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර අද පශ්චාත් මරණ පරික්ෂණය සිදූ කිරිමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධ පරික්ෂණයක් සියඹලාණ්ඩුව පොලිසිය සිදු කරයි.