සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර මණ්ඩලය සතු රුපියල් බිලියන 2300ක මුදල කොටස් වෙළඳපොළේ යෙදවීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ ආසියානු සංවර්ධන මණ්ඩලය මෙම වැඩපිළිවෙළ සඳහා දැනටමත් ව්‍යාපෘති සකස් කර තිබෙන බවයි.
මෙම අරමුදල්වලින් සියයට 4කටත් වඩා අඩු ප්‍රමාණයක් දැනටමත් කොටස් වෙළෙඳපොළේ යොදවනු ලබන අතර ඊට වඩා අතිවිශාල ප්‍රමාණයක් කොටස් වෙළඳපොළේ යෙදවීමට රජය සැලසුම් කර තිබෙන බවද වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළහොත් එමගින් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට බරපතළ හානියක් වෙන බැවින් එම ක්‍රමයට විරෝධය දක්වා රටපුරා උද්ඝෝෂණ ව්‍යාපෘති පවත්වන බව ද ඔහු කීය.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප)
