ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනූ 1996 මාර්තු 17 වැනිදා උපන් අර්ජුන හස්තිරාජයා, ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග හමුවීමේ විශේෂ සිදු වීමක් කතරගම පුදබිමේදී සිදු විය.
ලෝක කුසලානය දිනා ගැනීම සඳහා කණ්ඩායමට නායකත්වය ලබාදුන් අර්ජුන රණතුංග අමාත්‍යවරයාට ගෞරවයක් ලෙස අර්ජුන හස්ති රාජයාට එම නම තබා තිබේ.
අර්ජුන හස්ති රාජයාත්, අර්ජුන රණතුංග මහතාත් මෙතෙක් කිසිදු දවසක හමු වී නොමැත. පළමු වතාවට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අර්ජුන හස්තිරාජයා ඊයේ (21දා) රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවයේ නව වැනි පෙරහර අතරතුරදී දැකබලා ගත්තේය.
පෙරහරට සමගාමීව දේවාල භූමියේ ආලෝක පද්ධතිය විවෘත කිරීමද අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අනතුරුව පෙරහර අතරතුදී අර්ජුන හස්තිරාජායාට ආහාර සංග්‍රහයක් කිරීමටද අර්ජුන රණතුංග මහතා අමතක නොකළේය.
අර්ජුන හස්තියා මේ වන විට දික්වැල්ල වැවුරුකන්නල රජමහා විහාරස්ථානය බාරයේ සිටියි.
