අයහපත් කාලගුණය නිසා එළවළු මිළ තවත් ඉහළට
පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ දිනෙන් දින ඉහල යමින් පවතින එලවළු මිල හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මේ වන විට හැටන් ආශ්රිත බොහෝ ප්රදේශවල බෝංචි කිලෝව රුපියල් 800ත් 1000ත්, වම්බටු කිලෝව රුපියල් 600ත් 700ත්, වැටකොළු කිලෝව 550ත් 600ත්, පතෝල කිලෝව රුපියල් 560ත් 600ත්, ගෙඩි ගෝවා කිලෝව රුපියල් 650ත් 700ත්, වට්ටක්කා ඩ රුපියල් 350ත් 400ත්, අලු කෙසල් කිලෝව රුපියල් 400ත් 450ත්, කැරට්කිලෝව රුපියල් 650ත් 700ත්, පිපිඤ්ඤා කිලෝව 350ත් 400ත්, තක්කාලි කිලෝව රුපියල් 750ත් 800ත්, බිට් කිලෝව රුපියල් 450ත් 500ත්, මාළු මිරිස් කිලෝව රුපියල් 900ත් 1100ත්, දෙහි කිලෝව රුපියල් 2000ත් 2500ත්, පොලොස් ගෙඩි පිටින් කිලෝව 150ත් 200ත් අතර මිලකට අලෙවි වනු ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ දිනෙන් දින ඉහල යමින් පවතින එලවළු මිල හේතුවෙන් තමන්ට නිසි ලෙස එලවළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවත්න බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දචැක්වු නගරයේ එලවළු වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ පැවති හා පවතින අයහපත් කාලගුණික තත්වයන් මත බොහෝ එලවළු වගාවන් විනාශයට පත් විමත් සමග ප්රමාණවත් ලෙස එලවළු වෙලද පොලට නොලැබෙන බවත් ලැබෙන එලවළු තොග මිලද දැඩි ලෙස ඉහල යාමෙන් මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.
එලවළු මිල මෙසේඉහල යාමත් සමග පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවද එම වෙලදුන් වැඩි දුරටත් පැවසිය.
චන්ද්ර සෙල්ලහේවා හැටන්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
