දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 30615කට අයත් පුද්ගලයන් 96162ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.
උතුර, මධ්‍යම,වයඹ යන පළාත්වලට වර්ෂාවෙනුත් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට සුළඟෙනුත් හානි සිදුව ඇත. මේ වන විට ආරක්ෂිත ස්ථානවල පවුල් 3022කට අයත් පුද්ගලයන් 9465ක් රඳවා සිටින බවද අද පෙරවරු 9.00ට ඔවුන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.