අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් දහතුන් දහස් එකසිය තිස් පහකට අයත් පුද්ගලයන් පනස් එක් දහස් හත්සිය අසූ තුනක් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ප්‍රමාණයෙන් පවුල් 2264කට අයත් පුද්ගලයන් 9101ක් ආරක්ෂිත කඳවුරු තිහක රඳවා සිටින බවද එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක චමින්ද පතිරාජ මහතා අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 3.85ක් හා නිවාස හානි වෙනුවෙන් අත්තිකාරම් මුදල් ගෙවීමට රුපියල් මිලියන 5.22ක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී තිබෙන බවද හෙතෙම කියා සිටියේය.