අයවැයේ ජනාධිපතිගේ බොරු ගණන් කරන්න අපි බලාගෙන ඉන්නේ
"ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම, ගෑස් පෝලිමට ටින් පෝලිමත් එකතු වෙලා අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න" යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
"එදා පටන් ගන්නකොට කිව්වේ බාන මිලට නැත්නම් නැවෙන් බාන ගාණට තෙල් දෙනවා කියලා. හැබැයි දැන් ඉතින් ඇමතිවරයා කියනවා ඒක ප්‍රායෝගික නෑලු. ජනාධිපතිවරයාට රැස්වීම්වලට යනකොට කියන්න ඕන දේවල් අරගෙන ගිහිල්ලා ලියලා දෙන්න. දැන් පහුගිය කාලේ ගිහිල්ලා කිව්වා එතුමාගේ කාල සීමාවේ කිසිම බද්දක් වැඩි කරේ නෑ කිව්වා. කිසිම බදු ප්‍රමාණයක් අලුතෙන් ගැහුවේ නෑ කිව්වා. ආ බලයට එනකොට නම් කිව්වා පාසල් උපකරණවලට, බෙහෙත්වලට, අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා. හැබැයි අයින් කරේ නෑ, වැට් එක වැඩි කරා. කලින් වැට් ගාණ තිබිච්ච නැති තැනට වැට් එක දැම්මා.
ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම, ගෑස් පෝලිමට ටින්
පෝලිමත් එකතු වෙලා. ආණ්ඩුව හොඳට බොරු කියන්න නම් දක්ෂයි. බොරු කියන්න දක්ෂයි. දැන් අයවැය දෙකක් ඉවරයි තුන එනවා දැන්. ඒක ඊට එහා බොරු අයවැයක් වෙයිද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මොකද ඔබ ප්‍රතිපත්ති ප්රකාශනයක් ගහලා ඡන්ද කාලේ බෙදුවට, ඒ බෙදුව ප්‍රතිපත්ති ප්රකාශනයේ සතපහක වැඩක් නෑ. දැන් අපි බලන් ඉන්නවා තුන්වැනි අයවැයේදි ජනාධිපතිතුමා පච කීයක් කියනවද කියලා ගණන් කරන්න."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

