අයවැය යෝජනාව සඳහා පවතින ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 20ක් පමණ එක්සත් ජාතික පක්ෂය හා එක්වෙන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්ප්පෙරුම මහතා පවසයි . සිරිකොතදි අද (06දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 20කට අධික පිරිසක් අපේ අයවැයට පක්ෂව ඡන්දය දීලා අයවැය සම්මත කර ගැනීමට සහය දෙනවා.
වර්තමාන දේශපාලන අර්බුදය තුළ සියලු දෙනාව අවබෝධ කර ගත්තා එක්සත් ජාතික පක්ෂය හිමින් නමුත් සාර්ථක ගමනක් යනවා කියලා.
අයවැය ඡන්දයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 20කට අධික පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වෙන බව අවධාරණයෙන් කියනවා”