අයර්ලන්තය ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ 13ක් වාර්තා කර ඇති අතර, එය මැයි මාසයේ සිට එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම මරණ අගය බව කියයි.
අයර්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ටෝනි හොලොහාන් පැවසුවේ මෑත දිනවල වෛරසය ආශ්‍රිතව සිදුවූ මරණවල වැඩිවීමක් පවතින බවයි.
එසේම ගෙවීගිය දිනයේ තවත් ආසාදිතයන් 1,269ක්ද අයර්ලන්තයෙන් වාර්තා වී තිබේ.
පසුගිය සඳුදා දිනයේ රටේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගිය දිනයේම, අයර්ලන්ත රජය නිවේදනය කළේ, ආසාදන ඉහළ යාම පාලනය සඳහා ඉදිරි සති හය සඳහා රට තුළ දැඩි සීමාවන් පැනවීමට කටයුතු කරන බවය.