Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් සමග තනිව විවාදයකට පැමිණිය නොහැකි නම් තම අයියා (මහින්ද රාජපක්ෂ) සමග හෝ මුළු පවුලම එක්ව තමන් සමග විවාදයකට එන ලෙස සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ඇඹිලිපිටිය නගරයේ පැවැති ජනාධිපති ප්‍රචාරණ රැලියකට අද (26od) එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද කීය.
“මෙතෙක් කල් පැවැති හැම ආණ්ඩුවකම අනවශ්‍ය වියදම් තියෙනවා. දුෂණය වංචාව හොරකම ඉහවහා ගිහිල්ලා තියෙනවා. සමහරු ජනාධිපති තනතුරට තරග වදින්නේ ඔවුන් ගත කළ සුරසැප විදින යුගය නැවත ඇති කර ගන්නයි. රටේ ජනාධිපතිධූරය කියන්නේ සුර සැප විදින ධූරයක් නොවෙයි, දුෂ්කරක්‍රියා කරන ධූරයක්. ඒ නිසා මගේ ප්‍රතිවාදින්ට දුක් විදලා පුරුද්දක් නැහැ. ඒ අයට දුෂ්කරක්‍රියා කරලා පුරුද්දක් නැහැ. ඒ අයට දිවා රෑ වැඩ කරලා පුරුද්දක් නැහැ.
මම දිවා රෑ නොබලා වැඩකරනවා කිවුවහම එයාලා එය විකෘති කරලා, මඩ වාහිනි කිහිපයක් හරහා මම කියපු දේ කනපිට හරවන්න යනවා. මම මොනවා කරන්නද මගේ ප්‍රතිවාදියාට දිවා රෑ නොබලා වැඩ කරන්න බැරිවෙච්ච එක ගැන. මට වයස අවුරුදු 52 ක් නිසා මට හොදට වැඩ කරන්න පුළුවන්. මට හියිය දක්ෂතාවය කඩිසරභාවය කැපවීම තියෙනවා. මට නිදිවරාගෙන වැඩ කරන්න පුළුවන්.
මම උදේ පාන්දර 4.00 නැගිට්ටාම රෑ 12 වෙනකම් වැඩකරන්න පුළුවන්. මගේ ඒ හැකියාව විකෘති කරලා මඩ වාහිනි හරහා ප්‍රචාරය කරනවා. මඩ වාහිනි මොනවා කිව්වත් මේ රටේ ජනතාව රණසිංහ ප්‍රේමදාසගේ පුතාව අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරවනවා. මම මඩ වාහිනිවලට කියනවා මට කොපමණ මඩ ගැහුවත් ඒවාට ඔරොත්තු දෙන හැකියාව තියෙනවා. මට කොපමණ මඩ ගැහුවත් මේ රටේ ජනතාව සජිත් ප්‍රේමදාසගේ සංවර්ධන විප්ලවයට ඉහළින්ම ශක්තිය දෙනවා.
මගේ ප්‍රතිවාදියා වැඩිය මාධ්‍ය ඉදිරියට එන්නේ නැහැ. මොකද මාධ්‍ය ප්‍රශ්න ඇහුවාම වැඩේ ඇනෙනවා. මම මාධ්‍යයට හති වැටෙනකම් ප්‍රශ්න අහන්න ඉඩ දෙනවා. මට උත්තර දෙන්න පවුලේ කව්රුත් අවශ්‍ය නැහැ මම තනියම උත්තර දෙනවා. මොකද මට හොඳ කොඳු නාරටියක් තියෙනවා.
මම මගේ ප්‍රතිවාදියට කියන්න කැමතියි ඔබතුමා අකමැති මාධ්‍ය එක්ක කතා කරන්නනේ. එහෙම නම් එන්නකෝ මේ සජිත් ප්‍රේමදාස එක්ක විවාදයකට. ස්වාධින අපක්ෂපාති විවාදයකට එන්නකෝ. මම කිහිප විටක් කිවා බොහෝම ස්වාධින තැනක මේ විවාදය තියමු කියලා. පැෆරල් සංවිධානය පවත්වපු විවාදයට ඔක්කෝම ආවා මෙයා ආවේ නැහැ. හිස් පුටුවක් තිබුණේ. දැන් තනියම මාත් එක්ක විවාදයට එන්න බයයිනේ. කිසි ප්‍රශ්නයක් නැහැ අයියව අඩගහගෙන එන්න. මම තනියම මුහුණ දෙන්නම්. අයියාගේ කිහිලිකරු දෙක මදිනම් හිටපු කතානායක චමල් රාජපක්ෂව අඩගහ ගෙන එන්න. නැතිනම් බැසිල් මහත්ත්යා අරගෙන එන්න. ඒත් මදිනම් නාමල් රාජපක්ෂ සහෝදරයව එකතු කරගෙන එන්න. ඒ ඔක්කොම මදිනම් එතුමාගේ මුළු පවුල් ගහම අරගෙන එන්න සජිත් ප්‍රේමදාස කේසර සිංහයෙක් ලෙස තනිව මුහුණ දෙන්න ලැහැස්තියි.
මම මොනවාහරි කියපු ගමන් මඩ ගහනවා. මම කියනවා මඩින් එන්න එපා ගොඩින් එන්න. සජිත් ප්‍රේමදාස එක්ක වාදයකට එන්න බය ඇයි. සිංහලෙන් විවාද කරන්න බැරිනම් ඉංග්‍රිසියෙන් විවාද කරමු. මම ඒකටත් ලැහැස්තියි. ඒ නිසා තව තව කිහිලි කරු හැරමිටි තියෙනවා නම් ඒවත් අරගෙන එන්න. ඕන නම් පිටිපස්සෙන් වාඩි කරන හොරු හතලිහත් අරගෙන එන්න. ඒ අය එක්ක වුනත් තනිවම මුහුණ දෙන්න සජිත් ප්‍රේමදාස ලැහැස්තියි. මේ ප්රජාතන්ත්රවාදි අභියෝගය අරගෙන රටට පෙන්වන්න කොන්දක් තිබෙනවාද නැතිද කියලා.”
popular news
Kumaa Saturday, 26 October 2019 10:33 PM
සජිත් ප්‍රේම දාස මොන කේසරද 8 පාස් වදයෙක් නොවේද ?
Reply : 0 0
Champa Sunday, 27 October 2019 09:32 AM
මේක කලින් ලියන්න හිටපු දෙයක්. නමුත් මෙතන ලියන්න හිතුව. මහින්දයි විමලුයි චන්ද සටන කරන විදිහ වැරදියි. අවුරුදු ගානක ඉඳන් කියනව යහපාලනය මිනිස්සුන්ට වහ කදුරු වුනාට බලයේ ඉන්න යූඑන්පී ආණ්ඩුවක් පරද්දන්න ඕනේ ඊට එරෙහිව ඉතා ප්‍රබල ජනබලයක් ඉස්සරහට ගෙනල්ල කියල. අද එහෙම දෙයක් නැහැ. චන්දය හිමි මිනිස්සු 75% ක් විතර ස්වාධීනව ඉන්නවා පක්ෂ භේදයක් නැතුව. මේවා පාවෙන චන්ද නෙමෙයි. සියලු පක්ෂ එපා වෙච්ච මිනිස්සු. මම කියන්න ගියේ මහින්දයි විමලුයි දේශපාලනය කරන්නේ පොහොට්ටුවට හෙවත් බැසිල්ට ඕනේ විදිහට. ඒ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ පුද්ගලයෙක්ට මඩ ගහන්න ගහන්න මුළු රටම කතා කරන්නේ එයා ගැන කියල. යුඑන්පී එක ශූක්ෂම විදිහට තමන්ට එරෙහි ජනතාව නිර්වින්දනය කරලා තියෙන පොහොට්ටුවේ සහයෝගය ඇතුව. චන්ද ප්‍රතිඵල මං දන්නවා කියල මම ඔක්තෝබර් පලවෙනි සතියෙම විමල්ට කිව්වා. මගේ අදහස තවත් තීව්ර වෙනවා මිසක් වෙනස් වෙලා නැහැ මේ වෙනකොට. සජිත් මෛත්‍රී අතර deal එකක් තියෙනවා කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ගෝඨාභය පරද්දන්න ඇතුළෙන්ම game එකක් යනවා. ඊට අමතරව මහින්දගේ ජනප්‍රියබව අඩු කරන්න වේලාසන ඉඳම්ම බැසිල් ගොඩක් දේවල් කළා. දැනට ගෝඨාභයගේ චන්ද සටනට එකතු කරග
Reply : 0 0
Champa Sunday, 27 October 2019 09:48 AM
ගෝඨාභයගේ චන්ද සටනට බැසිල් එකතු කරගන්න මිනිස්සු නිසා මහින්දගේ මිනිස්සු මහින්දගෙන් ඈත් වෙනවා. මේක කුමන්ත්‍රණයක්. මේවා මම කලින්ම කිව්වා. මහින්දව දේශපාලනයෙන් ඈත් කරන්න මෛත්‍රී රනිල් සජිත් බැසිල් ගෝඨාභය මේ හැමෝටම ඕනේ. මහින්දට අන්දලා තියෙන තිවිල්ල කොච්චරද කිව්වොත් මහින්ද මේ ලඟදි කියනව රනිල්ගේ ග්ගජ මිතුරෙක් ගෝඨාභයට එකතු වෙනවා කියලා. මිනිස්සු කීයටවත් කැමති නැහැ යූඑන්පී කාරයෝ ගාව ගන්නවට. මේ කියන්නේ හරියට යූඑන්පී කාරයෝ නැතුව දිනන්න බැහැ කියලා. මේ දක්වා ගෝඨාභයට එකතු කරලා තියෙන්නේ පුද්ගල නාම විතරයි. චන්ද නෙමෙයි. හේතුව මේ ගොල්ලෝ ආවට ඒ ගොල්ලන්ගේ චන්දදායකයෝ එන්නේ නැහැ මේ පැත්තට. මම දැක්ක මහා මැතිවරණයට ශ්‍රීලංකා පොහොට්ටු එකමුතුවක් වෙනවා කියල. නායකයා මහින්දලු. සභාපති මෛත්රිලු. ලේකම් බැසිල්ලු. මම කියපු දේ වෙනබවට තව සාක්කි ඕනෙද? මහින්ද නායකයා කියන්නේ කිසිම බලයක් නැහැ කියන එක. බලය තියෙන්නේ සභාපතිට සහ ලේකම්ට. හැමදාම කියනව වගේ මහින්දට පක්ෂයක් නැහැ. ශ්‍රී ලංකා පොහොට්ටු දෙකේම මහින්දට බලයක් නැහැ. මොලේ තියෙනවා නම් හිටපු ජනාධිපතිතුමා මේකට විරුද්ධ වෙන්න ඕනේ. මහින්දව පාවිච්චි කරන්නේ චන්ද චුම්බකය විදිහට විතරයි. ඒ
Reply : 0 0
Champa Sunday, 27 October 2019 10:13 AM
මෛත්‍රී පාර්ලිමේන්තු එනවා කියල දැන් හැමෝටම සැකයක් නැහැ. ඩිලාන් තමයි මුට්ටිය. ඩිලාන් මොකොටද ශාන්ත බණ්ඩාර ඉන්නේ. මම කියන්න ගියේ මට පේනදේ. ගෝඨාභය පරදිනවා ඇතුලෙම යන ගේම නිසා. මම ඒ දවස්වලම කිව්වා මෛත්‍රිගෙයි බැසිල්ගෙයි deal එකක් තියෙනවා කියල. මහින්දට අගමැතිකම දුන්නේ කොටු කරගන්න. නැත්නම් අගමැති මහින්ද මහා හදිස්සියකින් පොදු පෙරමුණේ සාමාජිකත්වය ගන්නවද නඩු තීන්දුව එන්න ඉස්සල්ල? චන්ද ප්‍රතිඵලය කියන්න බැරි වුනානේ. මෛත්‍රී පාර්ලිමේන්තු එනවා. සජිත් දිනනවා. නැහැ. සජිත් දිනනවා. මෛත්‍රී පාර්ලිමේන්තු එනව. එතකොට මහින්දට මොකොද වෙන්නේ? දෙකේ පන්තියේ ලමෙක්ගෙන් අහන්න. උත්තරේ කියයි. පාර්ලිමේන්තුවේ ඉන්නේ UPFA මන්ත්‍රීවරු මිසක් පොහොට්ටු මන්ත්‍රීවරු නෙමෙයි. ඒ හින්ද සජිත් ජනාධිපති වෙනකොට ආපහු ජාතික ආණ්ඩුවක් හැදෙනවා. අගමැති වෙන්නේ මෛත්‍රී. ඊළඟ මහා මැතිවරණයේදී පොහොට්ටුව තනියම ඉල්ලෙන්නේ නැහැ කියල දැනටම කියනවා. කාවද දේශපාලනයෙන් වීසි වෙන්නේ? මහින්දව. ගෝඨාභයට නැති වෙන්න දෙයක් නෑ. මම බලන්නේ මහින්ද ගැන විතරයි. අනිත් එවුන්ගෙන් මට වැඩක් නැහැ. අපි අවුරුදු 5ක් කට්ට කෑවේ මහින්දට මේක වෙනවා බලන්න නෙමෙයි. මොකක් හරි කරන්න වෙනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd