තමන්හට අයත් කිසිදු ආයතනයක වංචා දුෂණ සිදුවීමට ඉඩ නොතබන බවත් එහිදී කවුරුන් වුවත් තරාතිරම නොබලා කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද මරවීර මහතා කියාසිටියේය.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ඊයේ 24 ලුණුගම්වෙහෙර පැවතී ජනහමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
''පළාත්සභා අහෝසි කරනවාද නැද්ද යන්න ආණ්ඩුව තවම ස්ථාවරයකට පැමිණ නෑ නමුත් බොහෝ ඉල්ලීම් තියෙනවා පළාත්සභාව අහෝසි කරන්න කියලා. මොකද මෙම සංසෝධනය ඉන්දියාවත් එක්ක ඇතිකරගත්තු ගිවිසුමකට අනුව තමයි සිද්ධවෙලා තියෙන්නේ. නමුත් රටේ ජනතාවගේ ඉල්ලිමනම් පළාත් සභාව අයින්කරන්න කියල. නමුත් ඒ සදහා තීන්දුවක් ගන්න ඕනේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ඇති තත්වයන් කෙරෙහිද සැලකිලිමත් වෙලා.
19 නව වන සංශෝධනයේ ඇති ගුණාත්මක දේවල් ඉවත්කරන්නේ නෑ. විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත වැනි දේවල් මධ්‍යවෙදින් සදහා ඇති දේවල් මෙන්ම ප්රජාතන්ත්රවාදය සදහා ඇති බොහොමයක් එකතු කරනවා. එහි ඇති ගැටලු සහගත දේවල් ඉවත්කරලා තමයි 20 වැනි සංශෝධනය හදන්නේ. විශේෂයෙන්ම අවුරුදු 72 ක් අපිට මේ රට දියුණු කරන්න බැරිවූ බාධා හදුනාගෙන තමයි ඒ සංශෝධනය කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.