අභ්‍යවකාශයේ රූගත කිරීමට නියමිත ප්‍රථම චිත්‍රපටය ලෙස සැලසුම් කර ඇති "චැනෙල්ජ්" චිත්‍රපටයට දායක කරගැනීම සඳහා රංගන ශිල්පීන් සිව්දෙනෙකු තෝරාගෙන ඇති බව රුසියාව රොස්කොස්මොස් අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
එක්සත් ජනපදය අභිභවා මුලින්ම අභ්‍යවකාශයේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන රට ලෙස රුසියාව සිය පැරණි අභ්‍යවකාශ ආධිපත්‍ය මේ හරහා පෙන්වීමට උත්සාහ කරන අතර, මෙම රංගන ශිල්පීන් වෘත්තීයමය නොවන ගගනගාමීන් මෙන්ම නළු-නිළියන් ලෙස අභ්‍යවකාශයේදී මෙම භාරධූර රංගන කාර්යය සිදුකරනු ඇති බව ඒජන්සිය පෙන්වා දෙයි.
රොස්කොස්මොස් සහ නාසා ආයතනයට අනුව, ඔවුන්ගෙන් පිරිසක් එලැඹෙන ඔක්තෝබර් 05දා සොයුස් MS-19 අභ්‍යවකාශ යානයකින් පෘථිවියේ සිට සැතපුම් 220ක් (කි.මී.354ක්) ඉහළින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතය.
මෙසේ තෝරාගත් රංගන ශිල්පීන්ට කේන්ද්‍රාපසාරී පරීක්ෂණයක්, කම්පන නැවතුම් පරීක්ෂණයක්, ශුන්‍ය-ගුරුත්වාකර්ෂණ තලය හඳුන්වාදීමක්, පුහුණු ගුවන් ගමන් සිදුකිරීමක් සහ පැරෂුට් පුහුණුවීමක්ද සිදුකෙරෙන බව රොස්කොස්මොස් පවසයි. ඒ අනුව "චැලෙන්ජ්" චිත්‍රපටය සඳහා සිව්දෙනා මේ මස අග වනවිට අභ්‍යවකාශ පියාසර කිරීම සඳහා පුහුණුවීම් ආරම්භ කරන බවද ඒජන්සිය පෙන්වා දෙයි.
වෛද්‍ය පරීක්ෂණයකින් පසුව මෙහි රංගන ශිල්පීන් ලෙස රුසියානු නිළි, 36 හැවිරිදි යුලියා පෙරෙසිල්ඩ් සහ රුසියානු නළු සහ අධ්යක්ෂ, 37 හැවිරිදි ක්ලිම් ෂිපෙන්කෝ ප්‍රධාන ශිල්පීන් අතරට එක්ව සිටිති. එමෙන්ම 33 හැවිරිදි නිළි ඇලෙනා මොර්ඩොවිනා සහ කැමරා අධ්යක්ෂ ලෙස 40 හැවිරිදි ඇලෙක්සි ඩුඩින් සෙසු පිරිස සඳහා නම් කර තිබේ.
මිනිසුන් වසර 60ක් පුරා පෘථිවිය වටා ඇති අවකාශය ගවේෂණය කර තිබුණත්, මේ ආකාරයේ සජීව චිත්‍රපට අත්දැකීමක් සඳහා උත්සාහ කරන පළමු වැනි අවස්ථාව මෙය ලෙස ඉතිහාසගත වනු ඇත.