අබ්දුල් කාදර් ෆාතිමා කාදියාගේ යැයි කියූ ඡායාරූපය වැරදි එකක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාදී පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ විමර්ශනවලට අදාළ සැකකරුවන් 6දෙනා අතර සිටි අබ්දුල් කාදර් ෆාතිමා කාදියා ලෙස දැක්වුණු ඡායාරූපය ඇගේ නොවන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව තිබෙන්නේ එම ඡායාරූපයේ සිටින තැනැත්තිය නොවන බවත්,අවශ්‍යව සිටින්නේ අබ්දුල් කාදර් ෆාතිමා කාදියා නමැති සැකකාරිය බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.
මේ අතර, එම ඡායාරූපයේ නියම හිමිකාරිය වූ අමාරා මජීඩ් නමැත්තිය ෆෙස්බුක් සටහනක් තබමින් ශ්‍රී ලංකා රජය තමාව වැරදීමකින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ ISIS ත්‍රස්තයෙකු ලෙස නම් කර ඇති බව දක්වා තිබේ. මෙය සම්පූර්ණයෙන්ම වැරදි හඳුනා ගැනීමක් බවත්, මෙවැනි වැරදි චෝදනාවන් තවත් නොකරන ලෙසත් ඇය පවසා තිබේ. එමෙන්ම, මින් අනතුරුව මෙවැනි තොරතුරුක් වාර්තා කිරීමේදී වඩාත් අප්‍රමාදීව කටයුතු කරන ලෙසද ඇය පවසා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
