www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් යාපනය දූපත් ආශ්රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය අද (11දා) නාවික හමුදාවේ දායකත්වයෙන් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය මඟින් යාපනය දූපත් ආශ්රිත වෙරළාසන්න මුහුදු ප්‍රදේශයේ කෘතීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කළ බස්රථ 20ක් මුහුදේ ගිල්වීම සිදු කරනු ලබයි.
ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘සයුරු’ කැනීම් නෞකාව මඟින් භාවිතයෙන් ඉවත් කළ බස්රථ 04ක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් ආරක්ෂිතව දියයට ස්ථානගත කිරීම සඳහා උතුරු නාවික විධානය විසින් දායකත්වය ලබා දෙන ලදී.
තවද, මෙම ව්‍යාපෘතිය මඟින් වෙරළාසන්න මුහුදේ ඇති වන ජෛව විවිධත්වය සමඟින් අනාගතයේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීම අපේක්ෂා කරන අතර, මේ සඳහා ඉදිරියටත් නාවික හමුදාව අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරනු ලබයි.
popular news
චූලපද්මේන්ද්‍ර සමුගනියි
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
රවී කරුණානායක අත්අඩංගුවට
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd