අපේ සංවර්ධනය පිළිබඳව බොහෝ පිරිස් පුදුමයට පත්වෙලා
වත්මන් රජයේ සංවර්ධනය පිළිබඳව බොහෝ දෙනෙකු පුදුමයට පත්ව ඇති බවත් රජයේ උදා ගම්මාන වැඩසහටන කඩාකප්පල් කිරීමට විරුද්ධවාදීන් කටයුතු කරමින් සිටින බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලුණම ඉදි වූ "සිව්දස් සමරුගම" උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“පසුගිය පාලන සමයේ ආශ්චර්යමත් සංවර්ධනය පිළිබඳව අපට අසන්නට ලැබුණා. එම ආශ්චර්යමත් සංවර්ධනයේ ප්රතිලාභ ඔබේ ඇඟට පතට, බඩට කටට දැනුනාද කියා මා ඔබෙන් අසන්නට කැමතියි. එදා ආශ්චර්යයේ ප්රතිලාභ හිමි වූයේ රටේ පොදු ජනතාවට නොව රටේ පාලකයින්ටයි.
නමුත් අද අපේ නිවාස සංවර්ධනයේ ප්රතිලාභ හිමි වන්නේ පාලකයින්ට නොව මහ පොළොවේ පය ගසා ජීවත් වන ගොවි, කම්කරු, ධීවර, රාජ්‍ය සේවක සහ දුප්පත් පොදු ජනතාවටයි. එදා සහ අද වෙනස එයයි.
එම නිසා අද තිබෙන්නේ විශ්මයජනක නිවාස සංවර්ධනයනක් බව මා ආඩම්බරයෙන් පවසනවා. අද අධිවේගී නිවාස සංවර්ධනයක්, උදා ගම්මාන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනවා. මෙවැනි විශ්මයජනක නිවාස සංවර්ධනයක් අපට දියත් කරන්නට ඉඩ ලැබුණේ අපේ ඉහළ පෙළේ නායකයින්ගේ ආශිර්වාදය සහ ශක්තිය නිසයි.
අද අපේ සංවර්ධනය පිළිබඳව බොහෝ පිරිස් පුදුමයට පත්ව තිබෙනවා. විශේෂයෙන් අපේ උදාගම්මාන වැඩසටහන කඩාකප්පල් කිරීමට අද විරුද්ධාවාදීන් ලොකු උත්සහයක් දරමින් සිටිනවා. ඔවුන් විවිධ චෝදනා, මඩ ප්‍රහාර අපට එල්ල කරනවා. නමුත් අප ඉන් කිසිවිටක සැලෙන්නේ නැහැ.”

popular news
-
Champa Sunday, 29 July 2018 10:22 PM
පුදුමයට පත් වෙනවා නම් පත් වෙනවා ඇත්තේ ගිනි පෙට්ටි වගේ ගෙවල් මීට කලින් දැකල නැති නිසා වෙන්න ඕනේ. ඔබ සංවර්ධනය කියලා කියන්නේ ගෙවල් හැදීමට නම් මහින්දගේ ආණ්ඩුව කාලෙත් ගෙවල් හැදුව. හැබැයි යහපාලන ආණ්ඩුව කරපු දෙයක් කියලා වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් දෙයක් කියනවද?
Reply : 0 0
rocky Monday, 30 July 2018 06:27 AM
හිටපු ලොක්කොත් පුදුම විදිහට තම තමන් සන්වර්දනේ වෙච්ච විදිහ දැන් කවුරුත් දන්නවනේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
