අපේ වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් ජයග්‍රහණය කරවන්න කටයුතු කරනවා - නාගමුව
මෙම මැතිවරණයේදී පවතින සමාජ ආර්ථික ක්‍රමය වෙනුවට විකල්ප සමාජ ආර්ථික ක්‍රමයක්, එනම් සමාජවාදය පිළිබඳ සංවාදය සමාජය හමුවට ගෙන ඒමට කටයුතු කළ බවත් එමෙන්ම සමාජයක් ලෙස මුහුණ දෙන ගැටලු, අනතුර පිළිබඳ සාකච්ඡා කළ බවත් එම වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් ජයග්‍රහණය කරවීමට ඉදිරියේදී කටයුතු කරන බවත් දුමින්ද නාගමුව මහතා පවසයි.
අද (18) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලය පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළ කළේය.
'මේ මැතිවරණයේදී අපට ඡන්ද 8291ක් ලැබී තිබෙනවා. එය 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව අඩුවීමක් සහ ඊට පස්සේ තිබුණු මහ මැතිවරණයට සාපේක්ෂව ඡන්දවල යම් වැඩිවීමක් තිබෙනවා. මේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයෙදි අපි පැති දෙකක් ගැන කතා කළා. එකක් මූලිකව මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනුවට විකල්ප සමාජ ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි. ඒක සමාජවාදය. සමාජයක් ලෙස මේ රටේ සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න නියමිත ඇත්ත සමාජ ආර්ථික ප්‍රශ්න මොනවද ඉදිරියේදී එන්න නියමිත අනතුර මොකක්ද කියන කාරණය පිළිබඳව අපි සාකච්ඡාවක් ගෙනාවා. අවුරුදු 40 විතර විවෘත ආර්ථිකයට ජීර්ණය වෙච්ච පරම්පරාවක් එක්ක ඒක පහසු කාර්යයක් නොවෙයි. රතු කොඩිය ඉහළින් දරා ගෙන හිටි ව්‍යාපාර පවා ඒක අතහැර තත්ත්වයක් තුළ ඒක පහසු කටයුත්තක් නොවෙයි.
මෙවර අප පක්ෂයට ප්‍රධාන වශයෙන්ම පාක්ෂිකයන් සහ හිතවතුන් තමයි ඡන්දය දීලා තියෙන්නේ. ඡන්ද වැඩිකර ගන්න අසමත් වෙලා තිබෙන බව කී දුමින්ද නාගමුව තවමත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස බහුජනතාවත් එක්ක පුළුල් ලෙස බැඳුණු පක්ෂයක් ලෙස ගොඩනගන්න අසමත් වෙලා තිබෙන බවත් එය ඉදිරියේදී මුහුණ දීමට නියමිත අභියෝගයක් බවත් පැවසීය.
නමුත් ඒ කරුණ මත කිසි ලෙසකින්වත් පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඉදිරිපත් කළ දේශපාලන වැඩපිළිවෙළ සහ සමාජයට එන්න නියමිත අනතුර පිළිබඳ පළ කළ මතය පිළිබඳව කිසිම විචිකිච්චාවක් නැති බවද ඔහු අවධාරණය කළේය.

popular news
-
Deepal Nirosh Monday, 18 November 2019 03:35 PM
ජයග්‍රහණය කරවිය යුත්තේ රටත් ජනතාවත් මිසක කාගෙවත් සිහින වැඩපිළිවලක් නොවෙයි, රටේ ජනතාවගෙ ඔ්න ඒපාකම් අනුව අපේක්ෂා ඉටුවන වැඩ පිළිවලක් සකසා ගන්න තුරු තමුන්ට ඔහොම කිය කිය විතරක් ඉන්න පුළුවන්. හැබැයි ඒ්ක ලේසියි බලය හොබවනවට වඩා.
Reply : 0 1
ආනන්ද Tuesday, 19 November 2019 09:13 AM
විශ්ව විද්‍යාලයෙ කොල්ලන් හා කෙල්ලන්ව කොළඹ පාරවල්වලට ගෙනල්ල, පාරවල් අවහිර කරල පොදු මහ ජනතාවට අවහිර කරන එක දැන් ඉතිං නවත්වනව! ඔබලාට තියෙන ජන මතය තේරුනානෙ. රුසියාවෙන්,චීනයෙන්, වියට්නාමයෙන්, නැගෙනහිර යුරෝපයෙන් කුනු ගොඩට විසිකර දැමූ මාකස් ලෙනින්ගෙ අවලංගු වෙච්ච න්‍යායන් අඩංගු දාස් කැපිටල් පොතේ තියෙන මෙකලට නොගැලපෙන න්‍යායන් කුනු ගොඩට විසි කරල දානව. විශව විද්‍යාල් ලමයින්ට නිදහසේ සිය ඉගෙනීමෙ කටයුතු කර ගැනීමට ඉඩ දිය යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

