මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වීමට ඇප තැනැපත් කළ අපේක්ෂකයන් 35 අතරින් අපේක්ෂකයන් 33 දෙනෙකුටම ඇප මුදල් අහිමි වී තිබේ.
ජනපතිවරණයට ඇප තැන්පත් කළ අපේක්ෂකයන් අතරින් ජනපති ගෝඨාභය රාපක්ෂ මහතාත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂ සජිත් ප්‍රේමදාස මහතාත් පමණක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 5%කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට සමත්විය.
සෙසු කිසිම අපේක්ෂකයෙකුටවත් වලංගු සංඛ්‍යාවෙන් 5%ක් ලබාගැනිමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ඇප මුදල් අහිමි වී තිබේ.
පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 50000ක ඇප මුදලක් හා ස්වාධීන අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 75000ක ඇප මුදලක් තැන්පත් කිරීම සිදුවිය.