අපුර ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවන් හඳුනා ගැනීමට නොහැකි වෙයි
අනුරාධපුර දීපානි මහ විදුහල ඉදිරිපිටදී පසුගියදා (05දා) තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු එළඹෙන (06දා) දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත රකන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා ඊයේ (23දා) නියෝග කළේය.
අනුරාධපුර වන්නියම්කුළම, ඉසුරුපුර, පහල තලගහගෙදර, තම්මැන්නාපුර යන ප්‍රදේශවල පදිංචිකරුවෝ සිව් දෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙම සිද්ධියට අදාළ හඳුනා ගැනීමේ පෙරට්ටුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ ඊයේ (23දා) පැවති අතර එහිදී සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන පුල්ලෙයාර් චමින්ද ඇතුළු සැකකරුවන් සිවුදෙනා ප්‍රධාන සාක්ෂිකරුට හඳුනා ගැනීමට නොහැකි වීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර සිටියේය.
අනුරාධපුර, වන්නියම්කුළම, රාහුල මාවතේ පදිංචි 45 හැවිරිදි තිදරු පියෙකු වූ සුජීවන් ප්‍රසංග කුමාර හෙට්ටිආරච්චි නමැත්තෙකු මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
අනුරාධපුර චතුරංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
