අපි වගේ සිංහල ව්‍යාපාරිකයෝ නැති කරන්න එපා
සෙවණගල සීනි කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් හැඟීම්බර කථාවක් අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කළේය.
ඌණ උපයෝජිත වත්කම් හා ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත අහෝසි කිරීමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“2005 දී අවාසනාවකට මම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන්න නිසා මහින්ද රාජපක්ෂ මහතා මගෙත් සමග තරහවුණා. ජනපතිවුණාම මාස 4ක් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වසා දැම්මා.
අපි වගේ සිංහල ව්‍යාපාරිකයෝ නැති කරන්න එපා. ලෝකයේ කොහෙවත් රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වත්කම් තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පවරා ගන්නේ නෑ.
දේශපාලනය නිසා මගේ ව්‍යාපාරවලට ගැහුවා. සිංහල බෞද්ධකම ගැන කථා කරන අය අපිව විනාශ කළා.
රජයකට ව්‍යාපාර කරන්න බෑ. ශ්‍රී ලන්කන් ණය ගෙවන්නේ ජනතාව. සෙවණගල මට එපා. මගේ මගේ ඇත්ත වන්දිය දෙන්න. මිලියන 2800ක් මම මේකට යට කළා.
මේ නිසා ව්‍යාපාර රාශියකට බලපෑම් ඇතිවුණා. මගේ තරුණ කාලයේ අවුරුදු 9ක් මම මේකට යට කළා. මට කරපු දේ කිසි කෙනෙක්ට කරන්න එපා.”

popular news
-
සිරිමල් Friday, 21 June 2019 08:31 AM
ඇමතිතුමා 2015 ට පෙර බලයේ සිටි පක්ෂයේ අයගේ තිබුනේ අන්සතු සැපතක් දික දළ ලොබිනේ උන්ට නොවී මට වේවයි සිතිනේ යන ආකල්පය පමණයි.ඊර්ෂ්‍යාව හා ක්‍රෝධයෙන් පිරුණු එවැන්නන් රටේ පාලනයට සම්බන්ධව සිටි නිසා නිදහස ලබා අවුරුදු 72 ක් පසුවීත් අපි ආසියාවේ දියුණුවෙමින් සිටින ජාතියක් ලෙස සාඩම්බරයෙන් ලොවට පවසමු.එවැනි අන්සැපට තන්හාවෙන් පසුවන්නන් රජකරන තෙක් මේරට කිසිදා දියුණුකල නොහැක.නමුත් මේතත්වය සිංහල අපට පමණක් සිදුකිරීමයි දුකට හේතුව.ඔවුන් ඊයේ ගෙවී ඉවරය. හෙට තව ලබානැත අද සුමිහිරියි සිතා අන්සතු සැප මටවේවායි සිතා කටයුතු කරයි.අපට කියන්න වෙන්නේ කරනකලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියාය.එඩ්ගාකේසීගේ කථාපරිවර්තන ඇතුලත් පොතක තිබුනේ වරදක් කලොත් ආත්ම ගණනකට පසුව වුවත් පලදෙන බවය.
Reply : 1 27
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

