අපි ගෙනාපු නායකයන් වටේ ගොනු වුණේ දූෂිත පුද්ගලයන්
පුද්ගලයෙක් නායකයෙක් කිරීමට බොහෝ දෙනෙක් මහන්සි වෙන බවත් නමුත් නායකයෝ නිර්මාණය කළ විට ඔවුන් හා එක්වෙන්නේ දූෂිත පුද්ගලයන් බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
“ක්‍රීඩා කරන කාලේ මමත් නායකයෙක් වෙලා සිටියා. එතැනදී අපි දකින දෙයක් තමයි පුද්ගලයෙක් නායකයෙක් කරන්න බොහෝ අය මහන්සි වෙනවා. අපිත් බොහෝම අමාරුවෙන් නායකයෝ හදාගෙන තැනකට ගෙනාවා. නමුත් ඒ අය වටා ගොනු වෙන්නේ පසුගිය කාලේ හොරකම් කළ දූෂිත පුද්ගලයින්. අන්න එතැන තමයි ඒ නායකයින්ගේ පිරිහීම පටන් ගන්නේ.
ඒ තත්ත්වය අපි අත්දැකීමෙන් දැක්ක දෙයක්. අමාත්‍යවරයෙකු ලෙස අපිත් වැරදි පුද්ගලයෝ ආශ්‍රය කළොත් තමයි අපේ තත්ත්වය නැති වෙන්නේ. අපි නායකයෝ හදාගෙන තැනකට ගෙනාවාම දූෂිත හොරකම් කරන පුද්ගලයින් ඒ නායකයා, නායකත්වය විනාශ කරලා දානවා.”
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ඊයේ (24දා) පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ රාජ්‍ය ආයතන පෞද්ගලික කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.

popular news
-
Daham Wednesday, 25 July 2018 01:28 PM
වැදි බන! මෙයා හරි ශුද්ධවන්තයානේ !!!
Reply : 0 2
hari Wednesday, 25 July 2018 02:48 PM
බල්ලගේ වැඩේ බල්ල කරන ඕනේ , බුරුවගේ වැඩේ කරන යන්න එපා අර්ජුන රණතුංග
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
