කොවිඩ් යම් මට්ටමකට පාලනය කර සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ දේශපාලන කාරණා හේතුවෙන් ආපස්සට හැරවිමට කටයුතු නොකරන්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලිමක් කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
සමඟි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් 16 වැනිදා කොළඹට සෙනඟ කැදවා උද්ඝෝෂණයක් පැවැත්විමට සුදානම් බවට තොරතුරු වාර්තා කර ඇති බව පැවසු රෝහණ මහතා ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂව උද්ඝෝෂණ පැවැත්විම සෞඛ්‍ය අංශ විදියට ගැටලුවක් නැති වුවත් එවැනි ක්‍රියාකාරකම්වල මේ අවස්ථාවේ නියැලිමෙන් සෞඛ්‍යමය වශයෙන් ගැටලුකාරි තත්ත්වයක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය.