අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගයක්
අපරාධ ඇතිවීමට හේතු හඳුනාගැනීම, අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් හඳුනාගැනීම සහ ව්‍යාප්තිය වැඩිවීම හා අපරාධ සිදුවන කාලය හඳුනාගැනීම සඳහා අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගයක් ස්ථාපිත කර තිබේ.
බල අපරාධ 26ක් හා ඒ යටතේ ඇති අනු කොටස් යටතේ දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත වාර්තාවන බල අපරාධ සම්බන්ධ තොරතුරු මෙම මෘදුකාංගයට ඇතුළත් කර විශ්ලේෂණය කිරීම සිදුකරන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
දැනට පොලිස් ස්ථාන තුළ ක්‍රියාත්මක වන 'VPN' ජාලය තුළ මෙම මෘදුකාංගය ස්ථාපිත කර තිබෙන අතර,ඒ අනුව අපරාධ සිදුවූ ස්ථානය ගූගල් සිතියම භාවිත කරමින් අක්ෂාංශ හා දේශාංශ මූලික කරගෙන අදාළ තොරතුරු ඇතුළත් කිරීමට හැකි බවද පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.
මෙම දත්ත අදාළ පද්ධතියට ඇතුළත් කළ පසු සමස්ත දිවයිනේම සිදුවන අපරාධවල අඩුවැඩි වීම, සිදුවූ කාලහෝරාව හා අපරාධ වැඩිපුර සිදුවන බලප්‍ර‘දේශ පිළිබඳ පොලීසියට ක්ෂණිකව තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා පොලීසිය එක්ව මෙම බුද්ධි තොරතුරු විශේලේෂණ පද්ධතිය ඇතිකිරීමේ කටයුතු කර තිබේ.
පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ මෙම පද්ධතිය ස්ථාපිත කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
