නේපාලයේ අප්‍රියෙල් මස මැද භාගයේ සිට දෛනිකව නව කොවිඩ්-19 ආසාදිතයන් දින හතක සාමාන්‍යය තුළ 1,200% කට වඩා වැඩි වී ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.
රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව ගෙවීගිය දිනයේ රට තුළ වාර්තාගත ඉහළම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලෙස ආසාදිතයන් 7,388 ක් වාර්තා වූ අතර,. සාමාන්‍යයෙන් රට ජනගහනය මිලියනයකට නව දෛනික ආසාදිතයන් 200ක් වාර්තා කරයි.
කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ල සමඟ අඛණ්ඩව පොරබදමින් සිටින නේපාලයේ අසල්වැසි ඉන්දියාවද, අප්‍රේල් මස අවසානයේදී මිලියනයකට දෛනික ආසාදිතයන්ගේ මෙවැනි සාමාන්‍යයක් වාර්තා කළේය.
ඒ අනුව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, අපේ‍්‍රල් 22 වැනි දින ඉන්දියාවේ මිලියනයකට සාමාන්‍යයෙන් ආසාදිතයන් 206ක් වාර්තා විය. එනම් නේපාලයේ සාමාන්‍ය ඒක පුද්ගල ආසාදන අනුපාතය, මීට සති දෙකකටත් අඩු කාලයකට පෙර ඉන්දියාවේ පැවති තත්ත්වයේම දැන් පවතී.
කුඩා දකුණු ආසියානු රාජ්‍යයේ පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසවල ආසාදන සංඛ්‍යාව පහත වැටීමට පටන් ගෙන තිබූ අතර, අලුතින් හඳුනාගත් සිද්ධීන් දිනකට 50ත් 100ත් අතර සංඛ්‍යාවක් වාර්තා විය. නමුත් අපේ‍්‍රල් මැද භාගයේදී ආසාදන ශීඝ්‍රයෙන් පැතිර ගියේ ඉන්දියාවේ දෙවැනි රැල්ල වේගය වැඩි කිරීමත් සමගිනි.
ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගෙන ඇති ප්‍රභේදයේ සිද්ධීන් හඳුනාගෙන ඇති නේපාලයට සීමිත සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් සහ ජීවිතාරක්ෂක සම්පත් සඳහා ප්‍රවේශයක් පැවතීය වඩාත් ඛේදනීය තත්ත්වයකි. ඒ අනුව ඉන්දියාව විනාශ කරන ආකාරයේ දැවැන්ත ලෙස ආසාදන පැතිරයාමක් සමග කටයුතු කිරීමට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවට බිය මතුකර තිබේ.
මැයි 6දා සිට මැයි 14දා දක්වා මධ්‍යම රාත්‍රියේ සිට සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම් කරන බව නේපාල අග්‍රාමාත්‍ය කඩ්ගා ප්‍රසාද් ෂර්මා ඔලි සඳුදා ප්‍රකාශ කළේය.