ගෙවීගිය දිනයේ ඉන්දියාවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 196,427ක් ලෙස වාර්තා කර ඇති අතර, එය පසුගිය අපේ‍්‍රල් 14දායින් පසු දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 2ක සීමාවට වඩා අඩු අගයක් ගත් ප්‍රථම අවස්ථාව බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.
මේ අතර ගෙවීගිය දිනයේ ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 3,511ක් ලෙස වාර්තා වන අතර, ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 307,231ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත වලට අනුව රටේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 26.94ක් ලෙස සටහන් වෙයි.
ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රාන්ත සහ නගර ආශ්‍රිතව මසකට ආසන්න කාලයක් පැවති ලොක්ඩවුන් සීමාවන් මෙන්ම, අවශ්‍ය සෞඛ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සපයා ගැනීමට ක්‍රියා කිරීමද මේ ආකාරයෙන් ආසාදිතයන් ක්‍රමයෙන් අඩුවීමට හේතුව බව සඳහන් වෙයි.