අපරාධ නිවාරණයට අදාළව සැකකරුවන් 133951ක් අත්අඩංගුවට
- 20 08 2020
- 20:56
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දිවයිනේ පොලිස් ස්ථාන මගින් අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 133951ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම වැටලීම් ජුනි මස 6 දා සිට අගෝස්තු මස 19 දා දක්වා සිදුකර තිබේ.
මෙම වැටලීම්වලදී හොරොයින් කිලෝ ග්‍රෑම් 23ක්, ගංජා කිලෝ ග්‍රෑම් 863ක්, අයිස් කිලේ ග්‍රෑම් 1ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
එසේම ටී. 56 ගිනි අවි 14ක්, බෝර 12 අවි 49ක් හා ශ්‍රී ලංකාවේ නිපදවූ අවි 183ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති මත්පැන් ප්‍රමාණය ලීටර් 598 578කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
