අප්‍රිකානු නගරවල නව මැලේරියා මදුරුවෙකු බිහි වෙමින් පවතින අතර, මේ හේතුවෙන් එම කලාපයේ වෙසෙන අයට විනාශකාරී ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
ඉන්දියාවේ ප්‍රධාන මැලේරියා රෝග වාහකයා වන ඇනොෆිලස් ස්ටෙෆෙන්සි කීටයන් දැන් අප්‍රිකාව පුරා බහුල ලෙස පැතිර සිටින බව නෙදර්ලන්තයේ රැඩ්බවුඩ් විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ සහ ඉතියෝපියාවේ ආමුවර් හැන්සන් පර්යේෂණ ආයතනයේ පර්යේෂකයෝ පැවසූහ. මෙම රෝග වාහකයා යනු මිනිසුන් අතර හෝ සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝගකාරක බීජ සම්ප්‍රේෂණය කළ හැකි මදුරුවෙකි.
මෙම මදුරු විශේෂය අප්‍රිකාවේ දක්නට ලැබුනේ මීට වසර කිහිපයකට පෙරය. දැන්, මෙම ආක්රමණික මදුරුවා ඉතියෝපියාවේ නගරවල ජල බහාලුම්වල බහුල ලෙස සිටින අතර, එම ප්රදේශයන්ද මැලේරියා රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බව පර්යේෂකයෝ පවසති.
මැලේරියාව සම්ප්‍රේෂණය කළ හැකි බොහෝ අප්‍රිකානු මදුරුවන් ග්‍රාමීය ප්‍රදේශවල බෝ වන බව දන්නා කරුණකි. කෙසේ වෙතත්, විශේෂඥයන් දැනටමත් සැලකිලිමත් වූයේ මෙම මදුරුවා ඉතියෝපියාව, සුඩානය සහ ජිබුටි වැනි නගර ඇතුළු නාගරික ප්‍රදේශ වෙත ගමන් කර ඇති නිසා නාගරික ජනගහනය සඳහා මැලේරියා අවදානම වැඩි කළ හැකි බවයි.