අනුරාධපුර තලාව, ශ්‍රාවස්තිපුර යන ප්‍රදේශවල බෞද්ධ ආගමික ජනතාව බලහත්කාරයෙන් වෙනත් ආගමකට බඳවා ගැනීමේ ව්‍යාපාරයකට විරෝධය පළ කරමින් ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී භික්ෂූන් වහන්සේලා අටනමක් අද ( 30දා) උපවාසයක නිරත වූහ.
මෙම උපවාසයට සහාය පළ කරමින් ප්‍රදේශවාසි බෞද්ධ සිද්ධස්ථානවල දායක දායිකාවන් පිරිසක් ද එම විහාරස්ථානයට පැමිණ සිටියහ.
මෙම උපවාසය පිළිබඳව අදහස් දැක්වූ අනුරාධපුර ශ්‍රාවස්තිපුර බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති රාජාංගනයේ සද්ධාතිස්ස හිමිපාණන් මෙසේ පැවසූහ.
"රාජ්‍ය නොවන සංවිධානයක පිරිසක් තලාව සහ ශ්‍රාවස්තිපුර අවට ගම්මාන වලට පැමිණ අඩු ආදායම්ලාභී බෞද්ධ පවුල් වලට නිවෙස් තනා ගැනීමට අවශ්‍ය තහඩු, වැසිකිලි උපකරණ සහ මල් පෝච්චි වැනි දේවල් ලබා දෙනවා. මෙම අසරණ ජනතාව රවටා, එම පිරිස් එම ආගමට බඳවා ගැනීමට එරෙහිව සියලු දෙනා පෙළගැසිය යුතුයි.
මෙම රාජ්‍යය සංවිධානයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ තලාව ප්‍රදේශයේ මිනිස්සු තමන්ට කැමති ඇදහීම අපේ විරුද්ධත්වයක් නැහැ. ඒ උනාට දුප්පත් ගම්මානවලට ඇවිත් අසරණ ජනතාවට ටකරං කෑල්ලක් වැසිකිළි වලක් දීලා ආගමට හරවා ගන්නවට අපි විරුද්ධයි."