අනුරාධපුර ශික්ෂණ රෝහලට 2016 වසරේ සිට ස්ථිර අධ්යක්ෂවරයකු පත් කිරිමට පියවර නොගැනීම ඇතුළු ඉල්ලීම් කිපයක් මුල් කර ගනිමින් ඊට එරෙහිව ශික්ෂණ රෝහලේ සමස්ත කාර්යය මණ්ඩලය එක්ව අද (28) රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
රෝහල් භූමියේන් ආරම්භ වූ විරෝධතාව පාගමනකින් රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටට පැමිණ , සටන් පාඨ කියමින් ඔවුන් උද්ඝෝෂණය කල අතර මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සංගමයේ ලේකම් වෛද්‍ය සසික විතානගේ මහතා මෙසේ පැවසිය.
“අපි අවුරුදු දෙකක් තිස්සේ මෙම රෝහලට අධ්යක්ෂවරයකු පත් කරන ලෙස සෞඛ්‍ය ඇමතිගෙන් සෞඛ්‍ය ලේකම්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා. නමුත් ඔවුන් සංගිත පුටු තරගයක් පවත්වමින් වරින් වර වැඩ බලන අධ්යක්ෂවරු පත් කරනවා.
මේ වන විට උතුරු මැද පළාතේ ජනතාගේ සෞඛ්‍යයට දැඩි තර්ජන එල්ල වෙලා රෝහල් පරිපාලනය කඩා වැටිලා. මේ වන විට රෝහලට අවශ්‍ය ඖෂධ ඇතුළු හදිසි මිලදි ගැනිම් කිසිවක් සිදු කල නොහැකි තත්ත්වයට පත් වෙලා.
ඉන්න පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වරයාට තමාගේ පරිපාලනය වත් කර ගැනිමට නොහැකි වෙලා තිබියදි ඔහු වැඩ බලන රෝහල් අධ්යක්ෂ ලෙස පත් කරලා. තව දින කිපයක් තුල ස්ථිර අධ්යක්ෂ වරයකු පත් නොකළ හොත් ඉදිරි දින කිහිපයේදි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනිමට තිරණය කර තිබෙනවා” යැයිද පැවසීය.