අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ දී අද (27 දා) අළුයම සිදු වූ රිය අනතුරකින්, පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලීසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක,258, වික්ටෝරියා පෙදෙස ගම්මාන අංක 1 පදිංචි ඒ.ජී. රන්බණ්ඩා (60) සහ නෙරංජලා පියදර්ශනී (32) නැමැති පියෙකු සහ දියණියක බව අනුරාධපුර පොලීසිය කියයි.
අනුරාධපුර දෙස සිට තලාව දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක් සහ තලාව දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කළ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ
මරණකාරිය ත්‍රිරෝද රථය පදවා ගෙන ගොස් තිබෙන අතර, එම ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ සිටි එම කාන්තාවගේ පියා ද, මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇගේ ඥාති දියණියක් සහ නැගණියක් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරට පත් මෝටර් රථය පදවා ඇත්තේ වෛද්‍යවරයෙකු වන අතර එම අවස්ථාවේ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා මෝටර් රථයේ ගමන් කර ඇති ඇති බවත් අනතුරින් වෛද්‍යවරයා සහ බිරිඳ සුළු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
මෝටර් රථයේ රියැදුරු වන සැකකාර වෛද්‍යවරයාට නින්ද යාම හේතුවෙන් මෝටර් රථය මාර්ගයේ දකුණු පසට ඇදී ගොස්, නිවැරදි මංතීරුවේ පැමිණි ත්‍රිරෝද රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි
සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අස (27 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.