Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 මැයි මස 04 වන ඉරිදා
2025 මැයි මස 04 වන ඉරිදා
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සරසවි සිසුන් පවත්වන විරෝධතාවලදී පීඩාවට පත්වූ පුදගලයන් විශේෂයෙන්ම වාහන රියඳුරන් තමන්ට කළ අසීමිත පහත් නින්දා පිළිබඳව රාජ්‍ය තොරතුරු සේවා තමන්ට වාරත් කර තිබූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැති සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනේදී අද (06දා) ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීය.
“අවුරුදු තුනක් කොළඹ නගරයේ වරින් වර සමහර සතියක දෙසැරයක් තුන් සැරයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කොළඹ නගරයේ මහ පාරවල් පිරෙව්වා. ඔබට තිබෙන හිතේ වේදනා කොතෙක්ද? නමුත් ඊට වඩා ඔබ වෙනුවෙන් මේ රටේ වැඩිපුරම නින්දා අපහාස වින්දේ මමයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කොළඹ නගරයේ පාරවල් වසා පෙළපාලි යන විට එයින් කරදරයට පත්වූයේ පීඩාවට පත්වූයේ මගී ජනතාවයි. ප්‍රශ්න පිළිබඳව අවබෝධයෙන් අඩු ඇතැම් පුද්ගලයින් විශේෂයෙන්ම වාහන රියදුරුන් මම දන්නවා අපිට මොන භාෂාවෙන්ද කතා කරේ කියලා.
රාජ්‍ය තොරතුරු සේවාවන් මට ඇතැම් විට වාර්තා කළා අපට කරන අසීමිත පහත් නින්දාවන් පිළිබඳව. විශේෂයෙන්ම මට. නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කොළඹට ඇවිත් මහ පාරවල් වසන ආරංචිය ලැබුණු හැමවිටම මම දුරකථනය ගෙන පොලිස්පතිට කිව්වේ, ළමයි අද එනවා නේද කිසිම ආයුධයක් ගෙනියන්න එපා, තුවක්කුවක් පත්තු කරන්න එපා. කිසිම තැනක එවැනි සිද්ධියකට ඉඩ තියන්න එපා. ගැටුම් ඇති වන අකාරයට කටයුතු කරනවා නම් ඒවාට මුහුණ දෙන්න. බැරි නම් පසුබසින්න කියා.
රාජ්‍ය දේපළ වෙනත් පෞද්ගලික දේපළවලට අලාභ හානි කරනවා නම් නීත්‍යානුකූලව ඒවාට කටයුතු කරමු, නමුත් කිසිම පෙළපාලි යන ශිෂ්‍යයෙකුගේ ජීවිතයට හෝ වෙනත් ආකාරයෙන් ඔවුන්ට හිරහැරයක් වන විදියට කටයුතු කරන්න එපා කියායි මම කිව්වේ.
කාටවත්ම ඇහුම්කන් දෙන්නේ නැති බොහෝ කලබලකාරී විදියට හැසිරෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය දරුවන්ව ගෙන්වා මම කතා කළා. සමහර අය මට ඒකට දොස් කිව්වා. ඒගොල්ලෝ එක්ක කතා කරලා ප්‍රශ්න විසඳන්න පුළුවන්ද ඇහුවා. අන්තරේ ශිෂ්‍යයෝ ගෙන්වා මම කතා කරන විට බොහෝ වේලාවක් ඔවුන් අසන ප්‍රශ්නවලට මම පිළිතුරු දී මම අසන ප්‍රශ්නවලට ඒ දරුවෝ පිළිතුරු දුන්නා. මම ඔවුන්ට කිව්වා, දරුවනේ, මේ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන, උසස් අධ්‍යාපන ආයතන ලෝකයේ සෑම රටකම තිබෙනවා නේද කියලා.
විශේෂයෙන් දියුණු සංවර්ධිත රටවල්වල තිබෙනවා නේද කියලා. අපේ රටේත් රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන ඒ ප්‍රමිතියට ගත්විට හරි නේද ඒ ස`දහා නේද අපි උත්සාහ කළ යුත්තේ කියා. ඒ වෙලාවේ ඒ දරුවන් පිළිතුරු දුන්නා, ජනාධිපතිතුමා ඒ විශ්වවිද්‍යාල තිබෙන ලෝකයේ හැම රටකම දැන් පෙළපාලි, උද්ඝෝෂණ ඒවා වහන්න කියලා. මම එදා කල්පනා කළා අනේ අපේ රට භාරගන්න සිටින දරුවන්ගේ ඔළුවලට මේ දේවල් දාලා තිබෙන මිනිස්සු කව්ද කියලා. ඉතා සරල, බොළඳ, බොහෝ අපැහැදිළි, පුදුමාකාර උත්තර තමයි ඇතැම් සාකච්ඡාවලදි ලැබුණේ.”
popular news
Champa Friday, 06 July 2018 08:04 PM
පාරවල් අවහිර වෙන කොට හැම රියදුරාම ආණ්ඩුවට තමයි බනින්නේ. ඒක සාමාන්‍ය දෙයක්. අහන්න කැමති හොඳ විතර නම් දේශපාලනයට එන්න හොඳ නැහැ. අර කතාවක් තියෙනවානේ "Politics is not for the faint-hearted or thin-skinned" කියලා. අනිත් ඒක අපේ රටේ දේශපාලනය කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ඉතා සරල, බොළඳ, බොහෝ අපැහැදිළි, පුදුමාකාර අදහස් තියෙන ළමයි තමයි. ඔවුන් පරිණතව හිතන්න පටන් ගන්නේ විශ්ව විද්‍යාලෙන් එලියට ගිහාම. රැකියාවක් ලැබිල ස්වාධීන වුනහම. හැබැයි වෛද්‍යවරු ඒකෙන් වෙනස්. GMOA එක කවදාවත් පරිණත වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ ගොල්ලෝ අයිතිවාසිකම් කියලා හිතන්නේ වරප්‍රසාද හින්ද. තමන්ගේ දරුවන්ට විතරක් රටේ ප්‍රධාන පෙලේ පාසල් ලබා ගැනීම, බදු ගෙවීමෙන් නිදහස් වීම, රජයේ වැඩ කරන ගමන් චැනල් කරන්නත් අවසර ලැබීම, වාහන පර්මිට් එක වැඩි කර ගැනීම වගේ දේවල් වෙනුවෙන් කොටින් කිව්වොත් ආත්මාර්ථකමය වෙනුවෙන් ඔවුන් වෛද්‍ය වෘත්තීය අවභාවිතා කරනවා. ඒ හින්ද පරිණතව හිතන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් පරිණතව හිතුවොත් තේරෙනව රජයේ සේවයේ යෙදෙන ගමන් කරන පෞද්ගලික චැනල් කරන කොට තමන්ට රජයෙන් දෙන වරප්‍රසාද ලබා ගන්න අයිතියක් නැහැ කියලා.
Reply : 17 0
Champa Friday, 06 July 2018 11:47 PM
බයිලා කියා කියා ඉන්න ඔබතුමා. රට පුරාම මිනිස්සුන්ව අමු අමුවේ මරනවා. කිසි වැරැද්දක් නැතුව අර අනුරාධපුරේ සුජීව ප්‍රසන්න කියල ව්‍යාපාරිකයෙක් මරල. මම දෙරණේ දැක්ක අම්ම කෙනෙකුයි දුවෙකුයි අඬනව සුජීව ප්‍රසන්න මැරුව කියලා අල්ල ගත්ත සැකකාරයෝ ඇප දීල එලියට ආවොත් කරදර කරයි කියලා. පොලීසිය ඇප දෙන එකට විරුද්ධ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට අමතරව ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඒ ගොල්ලන්ව, මං දන්නේ කොළොඹට ගෙනල්ල හරි, ආරක්ෂා සහිත තැනක ඉන්න දෙන්න නඩුව ඉවර වෙනකම්. නඩුව වෙන පළාතකට මාරු කරන්න ඉල්ලීමක් කරන්න පුලුවන්. තරුණ ගෑනු දරුවෙකුත් එක්ක කාන්තාවෝ දෙන්නෙක්නෙ. ගැහැව්වා කියලා කපල කොටලා තාත්තව මැරුව නම්, අපරාධකාරයන්ගේ නම් කිව්වා කියල ඒ පවුලට මොනව නොකරන්න බැරිද? ඒ ගොල්ලන්ට ආරක්ෂාව දෙන්න ජනාධිපතිතුමා.
Reply : 3 1
Champa Sunday, 08 July 2018 12:57 AM
(Someone has sent me a correction ) මේ මරණයේ කවුරුවත් තාම අත්අඩංගුවට අරන් නැහැ නඩු දානවා තියා (which is worse) ඔන්න පොලීසිය. තව ටික දවසකින් තවත් අහස පොලොව නුහුල්ලන අපරාධයක් අහන්න අපිට ඉඩ තියන්න නම් එපා. සමහර බටහිර රටවල් මිනිස්සුන්ට රැකවරණ දෙන්නේ මේ වගේ දේවල් නිසා. මහජන අදහස් අහන්න කැමති නම් අදහසක් දෙකක් දෙන්න පුළුවන් මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙන භීතිය නැති කරන්න.
Reply : 0 0
Oshan Saturday, 07 July 2018 08:50 AM
Eka eththa ape rate samahara maadya thamai minisunge manasawal wikurthi karanne.thamange sahodaraya beraganna ekthara madyak thamai me rata wedipurama vinasha karanne.
Reply : 0 6
Champa Saturday, 07 July 2018 10:21 AM
ඕ මම මේ කෑල්ල දැක්කේ පස්සේ. //කිසිම පෙළපාලි යන ශිෂ්‍යයෙකුගේ ජීවිතයට හෝ වෙනත් ආකාරයෙන් ඔවුන්ට හිරහැරයක් වන විදියට කටයුතු කරන්න එපා කියායි මම කිව්වේ.// ඒ කතාව නම් අගය කරන්න ඕනේ. ඒ වුනාට දැන් තමයිනේ එහෙම. 2015, 2016 දෙකේදීම ළමයිගේ ඔලු පැලුව ආණ්ඩුව. අර ශිෂ්‍යාවකට බැටන් පොල්ලෙන් ඔළුවට ගහලා ලේත් ආවේ. තව ළමයිට විහාරමහාදේවි පාර්ක් එකට පන්නන් ගිහින් පන්න පන්න ගැහැව්වේ මිනිස්සුත් කෑගහත්දී. කොල්ලෝ කිව්වලු මහින්දවත් අපිට ගැහැව්වේ නැහැ මෙහෙම දැන් අපි ගුටි කනවා කියලා. ඒව පස්සේ හරි නවත්තපු එක අගය කරනවා.
Reply : 0 0
samson Tuesday, 10 July 2018 10:08 AM
විශ්ව විද්‍යාලවල ළමයින් මෝඩ නැහැ. ඉතා සරල, බොළඳ, අපැහැදිලි සහ මෝඩ කතා කියන "දේශපාලන නායකයෙක්" කියා හිතාගෙන සිටින කෙනෙක් සමග කතා කරන විට එම ළමයිනුත් එම තත්වයට වැටීම වලක්වන්න අමාරුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd