දුරබැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට ප්‍රවාහණ පහසුකම් වහා ලබා දීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ලංගමයට උපදෙස් දී තිබ්.
දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බව රෝගීන් විශාල පිරිසක් ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිළි කර තිබේ.
එම රෝගී ජනතාවට මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණීමටත්, ආපසු ඔවුන් නිවෙස්වලට යාමටත් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට කඩිනමින් විධිමත් වැඩ පිළිවෙළක් සකසන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.
දැනට මාස දෙකක පමණ කාලයක සිට එම පිරිස සායන සඳහා පැමිණීමේ අපහසුතාවයෙන් පෙළෙමින් සිටින බව වාර්තා වේ. ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අයවලුන් වන අතර ඉතාමත් දුරැබැහැර ප්‍රදේශවල සිට දිනපතා සායන සඳහා මහරගම රෝහලට සැලකිය යුතු පිරිසක් සායන සඳහා පැමිණෙති.
ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් එකී පිරිස මහත් අසීරුතාවයට පත්ව සිටින අතර සායන සඳහා පැමිණීමෙන් අනතුරුව ලබා ගත යුතු ඖෂධ ලබා ගැනීමට ද ඔවුන්ට නොහැකි වී තිබේ.
එමනිසා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ දිවයිනේ සෑම පළාතකම සිට මේ සඳහා යෙදවීමට අවධානය යොමු කරන ලෙසත්, රෝගීන්ට අපහසුතාවයක් නොවන ආකාරයටත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහණ කටයුතු සඳහා බලපෑමක් නොවන ආකාරයටත් වැඩ පිළිවෙළක් සැකසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
11වන දින ඇදිරි නීතිය ඉවත් කළද, ප්‍රවාහණ සේවා රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවහ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක කරන හෙයින් මෙම රෝගීන්ට ඉන් පසුවත් මෙම අපහසුතාවය මුහුණ දීමට සිදුවේ.
මෙම අසීරු අවස්ථාවේ දී ලාබපාඩු සළකමින් කටයුතු කිරීම රජයේ වැඩ පිළිවෙළ නොවන බව කී අමාත්‍යවරයා කොවිඩ් 19 නිසා අසරණභාවයට පත්ව සිටින රටේ ජනතාවට උපරිම සේවාවන් සැලසීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ රජයේ තීරණය බව ද කීය.